2023 වසරේ නාවික හමුදා මෙහෙයුම් මඟින් මත්ද්‍රව්‍ය විශාල තොගයක් අත්අඩංගුවට

පසුගිය 2023 වසරේ සිදු කළ මෙහෙයුම් මඟින් මත්ද්‍රව්‍ය හා මත්පෙති ජාවාරම, අනවසර භාණ්ඩ ජාවාරම සහ මිනිස් ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතුවල නිරත වූ දේශීය හා විදේශීය පුද්ගලයින් 343ක් සමඟ මත්ද්‍රව්‍ය විශාල තොගයක් නීතියේ රැහැනට හසුකරදීමට සමත් වී ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා.

ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශය විසින් ශ්‍රී ලංකා පොලිසිය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය, රාජ්‍ය බුද්ධි සේවය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ එක්වයි විශේෂ ඒකාබද්ධ බුද්ධි මෙහෙයුම් මඟින් ලද ‍තොරතුරු අනුව මෙහෙයුම් සිදු කර ඇත්තේ.

2023 වර්ෂයේ සිදු කළ සාර්ථක මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් මඟින් හෙරොයින් කිලෝග්‍රෑම් 715කට අධික තොගයක්, කේරළ ගංජා කිලෝ 3711කට අධික තොගයක්, දේශීය ගංජා කිලෝ 50කට අධික තොගයක්, හෂීෂ් කිලෝ 140කට අධික තොගයක් සහ අයිස් කිලෝ 11කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම දේශීය ගංජා පැළ 92572ක් ද අත්අඩංගුවට ගෙන විනාශ කළ බවයි නාවික හමුදාව සඳහන් කළේ.

එමෙන්ම, මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් දේශිය ධිවර යාත්‍රා 18ක් සමඟ සැකකරුවන් 187ක්, ඉරාන යාත්‍රාවක් සමඟ ඉරාන සැකකරුවන් 05ක්, පාකිස්ථානු සැකකරුවන් තුනක් සහ ඉන්දීය ධිවර යාත්‍රා 02ක් සමඟ ඉන්දීය සැකකරුවන් 06ක් අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර තිබෙනවා.

නීති විරෝධී ලෙස අලෙවි කිරීමට තැත්කල විදේශීය මත්පැන් බෝතල් 191ක ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 08ක්, නීතිවිරෝධී දුම්වැටි 41380ක තොගයක්, මත්පෙති 1016755ක තොගයක්, මදන මෝදක 2642ක තොගයක් සමඟ සැකකරුවන් 42ක්, ගජමුතු 11ක ප්‍රමාණයක් හා නීතිවිරෝධී ලෙස විදේශ ගත කිරීමට සූදානම් කර තිබූ රත්‍රං කිලෝග්‍රෑම් 14කට අධික තොගයක් සමඟ දේශීය යාත්‍රා 03ක් හා සැකකරුවන් 11 ක්ද පසුගිය 2023 වසරේ නාවික හමුදාව විසින් නීතියේ රැහැනට හසුකර දී තිබෙනවා.

පසුගිය වසර තුලදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට තැත්කල බීඩී කොළ කිලෝග්‍රෑම් 36910 අධික තොගයක්, දුමිකොළ කුඩු කිලෝග්‍රෑම් 878 ක අධික තොගයක්, කහ කිලෝග්‍රෑම් 990 කට අධික තොගයක්, එනසාල් කිලෝ 1267ක්, කෘෂි රාසායනික දියර බෝතල් 4722ක් හා පැකට් 12907ක්, රූපලාවන්‍ය නිෂ්පාදන 45418ක තොගයක් සමඟ සැකකරුවන් 60 දෙනෙකුද නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නීතිවිරෝධී සංක්‍රමණ සහ මිනිස් ජාවාරම් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව 2023 වසරේ සිදු කළ මෙහෙයුම් මඟින් මිනිස් ජාවාරම් කටයුතු සඳහා සම්බන්ධ වූ යාත්‍රාවක් හා පුද්ගලයින් 05 දෙනෙකු ද, නීතිවිරෝධී ලෙස ඉන්දියාවට සංක්‍රමණය වීමට උත්සහ කල යාත්‍රා 01ක් හා පුද්ගලයින් 09ක් ද, නීතිවිරෝධී ලෙස ඉන්දියා‍වේ සිට ශ්‍රී ලංකාවට සංක්‍රමණය වීමට උත්සහ කළ යාත්‍රා 02ක් හා පුද්ගලයින් 07 ක්ද තම භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14