spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය අද

ඔක්තෝබර් 20 සහ 21 දෙදින පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය පැවැත්වීමට නියමිතය.

20 වැනි දින ප.ව 5.00 – ප.ව 5.30 කාලය වෙන් කර ඇත්තේ විපක්ෂය ගෙනෙන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීම සදහායි.

එසේම ලබන 21 වැනිදා සවස 5.00 දක්වා පැවැත්වෙන විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය අවසානයේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබෙන බව පාර්ලිමේතුව පවසයි.

පාර්ලිමේන්තුව අද (18) සිට 21 වැනිදා දක්වා රැස්වන අතර මෙම සෑම දිනකම පෙ.ව 9.30-පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කර තිබේ

මේ අනුව අද පෙ.ව 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය පැවැත්වේ. අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා රජය විසින් ගෙනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව අනුව විවාදය පැවැත්වෙන බවද මහලේකම්වරයා පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?