2023 ලෝක කුසලාන අවසන් මහා තරගයේ කාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්වුණා. ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පළමුවෙන් පන්දු රැකීමටයි.

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන අහමදාබාද් නුවර් නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී තරගය ආරම්භ වන්නේ අද පස්වරු 2ටයි.

මෙම තරගය නැරඹීමට එක්ලක්ෂ තිස් දෙදහසක පමණ පිරිසක් ක්‍රීඩාංගණයට පැමිණෙනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

මෙම ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකයන් එක්ලක්ෂ තිස් දෙදහසකට අසුන් ගැනීමට හැකියාව පවතිනවා. එමෙන්ම රූපවාහිනිය ඔස්සේ සජීවීව මෙම අවසන් මහා තරගය නරඹන ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව මිලියන ගණනක් වනු ඇති බවටයි තක්සේරු කර ඇත්තේ.

මෙවර තරගාවලියේ අපරාජිතව සිටින රෝහිත් ශර්මාගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩයමත් ආරම්භයේදී පසුබෑමකට ලක්ව තරග දෙකක් අඛණ්ඩව පරාජයට පත්වී යළිත් ජයග්‍රහණයේ මාවතට පිවිසි පැට් කමින්ස්ගේ නායකත්වයෙන් යුත් ඔස්ට්‍රේලියා කණ්ඩායමත් අද තරගයට පිවිසෙන්නේ එක්දින පිටියේ අලුත්ම ශූරයන් කවුරුන් ද යන්න තීරණය කිරීමේ සටනටයි.

ඕස්ට්‍රේලියාව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් මහා තරගය සඳහා එක්වන 8 වන අවස්ථාව මෙයයි.

2023 ක්‍රිකට් ලෝක කුසලානය ආරම්භයේදී පසුගාමී ස්වරූපයකින් තරගාවලියට ප්‍රවේශ වූවත්, අවසන් පුර්ව තරගයේදී දකුණු අප්‍රිකාව පරදවා ඕස්ට්‍රේලියාව අවසන් මහා තරගය සඳහා වරම් හිමි කර ගත්තා.

එහෙත් ලොව දක්ෂතම ක්‍රිකට් කණ්ඩයමක් වන දකුණු අප්‍රිකාවට ලෝක කුසලානය මෙන්ම වෙනත් ප්‍රධාන තරගාවලිවලින් කලින්ම ඉවත් වීමට සිදුවන්නේ කිසිවෙකුත් නොසිතූවිරූ පරිද්දෙන්.

එක්දින ලෝක කුසලාන තරගාවලි 5ක අවසන් පුර්ව වටය දක්වා පැමිණි දකුණු අප්‍රිකාව ඉන් කිසිදු අවස්ථාවකදී අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට අවස්ථාව උදාකර ගැනීමට හැකි වූයේ නැහැ.

එමෙන්ම ඕස්ට්‍රේලියාව 08 වන වරටත් ලෝක කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට සමත් වීම ද වාර්තා පොත් අතරට එක්වුයේ වැඩිම වාර ගණනක් ලෝක කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලද කණ්ඩායම ලෙසින්.

ඉන්දියාව ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ 4 වන වතාවටයි.

ඉන්දියාව මීට පෙර අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අවස්ථා තුනෙන් දෙකක දීම ශූරයන් බවට පත්ව ඇති අතර ඔස්ට්‍රේලියාව එම අවස්ථාවන් 7න් 5 කම ශූරතාවය දිනා ගනු ලැබුවා.

මූලික වටයේ පළමු තරග 2ම පරාජයට පත් වූ පැට් කමින්ස්ගේ නායකත්වයෙන් යුතු ඔස්ට්‍රේලියානු පිල අවසන් තරගයේ සිය ස්ථානය වෙන්කර ගත්තේ මූලික වටයේ පළමු තරග 2ම පරාජයට පත් වීමෙන් පසු යළි සුපුරුදු රිද්මයට පිවිසීමත් සමඟයි. ඒ අනුව අද තරගය උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි විචාරකයන් දැනටමත් අනාවැකි පළ කර තිබෙනවා. එමෙන්ම මෙම තරගය දෙපිල අතර 2003 වසරේ දකුණු අප්‍රිකාවේ පැවති ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය යළි සිහිපත් කිරීමක් ද වනවා. එම තරගයෙන් ඔස්ට්‍රේලියාව හමුවේ ඉන්දීය කණ්ඩායම ලකුණු 125කින් පරාජයට පත් වුණා.

එක්දින ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම වන ඔස්ට්‍රේලියාව මේ දක්වා ලෝක කුසලාන 5ක් දිනා සිටින අතර, ඉන්දියාව දිනාගත් එක්දින කුසලාන සංඛ්‍යාව 2ක්.

එක්ලක්ෂ තිස්දෙදහසකට අසුන් ගත හැකි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණය අද ඉන්දීය ක්‍රීඩාලෝලීන්ගෙන් පිරී ඉතිරෙනු ඇති අතර, ඉන්දියාවේ ජයග්‍රහණය වෙනුවෙන් සියලු වාසිදායක තත්ත්වයන් නිර්මාණය වී තිබෙනවා. එසේ වුවද ඉන්දීය කණ්ඩායමට නොදෙවෙනි තුන්ඉරියව් දස්කම් සහිත ඔස්ට්‍රේලියා කණ්ඩායම 6 වැනි වරටත් එක්දින ශූරයන් ලෙස කිරුළ දැරීමට හැකි සෑම උත්සාහයක්ම දරනු ඇති.

වාර්තා පිට වාර්තා තබමින් සිටින ඉන්දීය පිලේ සුපිරි පිතිකරු විරාත් කෝලිගේ පිතිහරඹය වටා කේන්ද්‍ර ගත වී ඇති ඉන්දීය පිලේ පිතිකරණ පෙළගැස්ම නායක රෝහිත් ෂර්මා, ෂුබ්මන් ගිල්, විරාත් කෝලි, ශ්‍රෙයාස් අයියර් සහ ලෝකේෂ් රාහුල්ගෙන් ද, පන්දු යැවීමේ අංශය මොහොමඩ් සාමි ප්‍රමුඛ ජස්ප්‍රිට් බුම්රා, මොහොමඩ් සිරාජ්, රවීන්ද්‍ර ජඩේජා සහ කුල්දීප් යාදෙව්ගෙන් සමන්විතයි. මෙවර තරගාවලියේ මෙතෙක් වැඩිම ලකුණුලාභියා විරාත් කෝලි වන අතර, වැඩිම කඩුලුලාභියා මොහොමඩ් සාමි යි.

ඔස්ට්‍රේලියානු පිතිහරඹ අංශය ද සටන්කාමීත්වයෙන් පරිපූර්ණ පිතිකරුවන්ගෙන් සමන්විතයි. ඩේවිඩ් වෝනර්, ට්‍රේවිස් හෙඩ්, මිචෙල් මාෂ්, ස්ටීවන් ස්මිත්, මානස් ලබුස්චේන්, ග්ලෙන් මැක්ස්වෙල් පිතිහරඹයෙන් ද, මිචෙල් ස්ටාක්, ජොස් හේස්ල්වුඩ්, පැට් කමින්ස්, ඇඩම් සම්පා පන්දු යැවීමේ අංශයෙන් ද කැපී පෙනෙන දස්කම් දැනටමත් පෙන්වා තිබෙනවා. ඒ අනුව කදනයම් දෙකම සිටින්නේ සම තත්ත්වයකයි.

අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් මහා තරගය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට තරග සංවිධායකයන් සැලසුම් කර තිබෙනවා. මෙම අවසන් මහා තරගය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට කටයුතු සූදානම් අතර, මීට සමගාමීව තරගයට පෙර ගුවන් සංදර්ශනයක් ද මෙන්ම සංගීත ප්‍රසංගයක් ද පැවැත්වෙන බව සඳහන්.

රසිකයින් වෙත මහත් පුදුමයක් ලෙස පැමිණෙන හොලිවුඩ් පොප් නිරූපිකා දූවා ලීපා (Dua Lipa) ලෝක කුසලානයේ සමාප්ති උත්සවයේදී ගීත කිහිපයක් ඉදිරිපත් කිරීමට නියමිතයි. ඉතා මිල අධික ඇයගේ සංදර්ශනය යුරෝ කුසලාන පාපන්දු ලීගය ඇතුළු තවත් ක්‍රීඩා ඉසව් කිහිපයක ඉදිරිපත් වී තිබුණා. ඇය ඉන්දියාවේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 5ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 20ක) මුදලක් අයකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

දැනට ඇයගේ නවතම ගීතය වන ‘Houdini’ නර්තන චලනයන් කිහිපයක් ඇතුළත්ව ඉදිරිපත් කරමින් අතිශය ජනප්‍රිය වී තිබෙනවා. නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකයින් එක් ලක්ෂ තිස්දහසක් අසුන් ගත හැකි බැවින් ඔස්ට්‍රේලියාවට එරෙහි ඉන්දීය කණ්ඩායමට දැවැන්ත සහයෝගයක් හිමිවනු ඇති බවටයි සැලකෙන්නේ.

මේ අතර ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායක පැට් කමින්ස් අවසන් මහා තරගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ විශාල ජනකායක් නිහඬ වනු ඇසීමට වඩා තෘප්තිමත් දෙයක් නොමැති බවයි. තම කණ්ඩායම ඕනෑම ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායමකට අභියෝගයක් කළ හැකි මට්ටමේ දක්ෂතාවන්ගෙන් සපිරුණු අතර විශාල පිරිසක් ඉදිරියේ ක්‍රීඩා කිරීම නුහුරු හෝ අපහසු දෙයක් නොවන බවයි ඔස්ට්‍රේලියා නායකයා ප්‍රකාශ කර ඇත්තේ. නිල් පැහැති කමිස හැඳ සිටින ලක්ෂයකට වඩා ප්‍රේක්ෂක පිරිසක් නිහඬ වනු ඇසීම තරම් තෘප්තිමත් දෙයක් නොමැති බව ඔහු සඳහන් කර ඇති අතර හෙට දිනයේ තම අරමුණ එය බව ද පැට් කමින්ස් කියාසිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
5
+1
1
+1
0
+1
6
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PUCSL සභාපතිද ? NPP මන්ත්‍රීද ? දැන් ඇත්ත කියන්නේ ?..ඔක්කොම බොරු කරලද දැන්
01:17
Video thumbnail
රනිල්ගේ - අනුරගෙයි ආර්ථික කළමණාකරනය ගැන කියන රාජිත.. රනිල් රු.293 වෙනකල් අඩුකළා
01:25
Video thumbnail
අන්තරේ ගැන රාජිත කට අරියි..මල්වානේ නිවස ඇල්ලුවේ JVP එකේ ඉන්න කට්ටියක්ලු
01:22
Video thumbnail
ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක්ගෙම කටින් පැන්න දේ..ගල් අඟුරු පාඩුවත් විදුලි බිල වැඩි වෙන්න හේතුවක්
01:07
Video thumbnail
පාඨලීගේ මගඩි සේරම එළියට ?NPP මන්ත්‍රීවරයෙක්ගෙන් ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්
07:47
Video thumbnail
ලොකු වාහන හිඟයක් ? රුපියල අවප්‍රමාණය වීමෙන් ජීවිතයට කොච්චර බලපෑමක් වෙයිද ?
08:09
Video thumbnail
වැස්සේ අස්සේ ත්‍රීවීල් එකක හටගත් හදිසි ගින්න
00:51
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික ගංජා අළු කළ හැටි
01:02
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම
00:47
Video thumbnail
සූරපප්පලා මොකක්ද මේ කරන්න යන්නේ ? ලෝකයේ 1000kmph වගේ දුම්රිය ගමන් කරනවා
04:36