2023 පළමු කාර්තුවේදී ආයෝජන මණ්ඩලයට ඩොලර් මිලියන 211ක ආයෝජන

මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ඇමෙරිකානු ඩොලර් මිලියන 211ක ආයෝජන ස්ථිර වශයෙන් ලැබී ඇති බව වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

එසේම මෙම වසරේ ජනවාරි මාසයේ සිට ජූලි මාසය තෙක් ලැබුණු ආයෝජන යෝජනා අතුරින් ඇමෙරිකානු ඩොලර් මිලියන 682ක වටිනාකමින් යුතු ආයෝජන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් අනුමත කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් ක‍ළේ.

වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මේ බව සඳහන් කළේ “ස්ථාවර රටකට සැවොම එක මගකට” යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (20) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින්.

මෙරට ආයෝජන සිදු කිරීම සඳහා බාධා වන නීති පිළිබඳ සොයා බලා විසඳුම් සැපයීමට මේ වන විටත් 07 දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ වැඩබලන ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා,

මෙරට ආයෝජන ප්‍රවර්ධනය කිරීමට නම් දීර්ඝ කාලයක් මුළුල්ලේ පවතින නීති පද්ධතිය සංශෝධනය කළ යුතුව තිබෙනවා. ආයෝජකයන්ට වඩාත් පහසුවෙන් ආයෝජනය කිරීමට හැකි පසුබිමක් සකස් කළ යුතුයි. මේ වන විටත් ඒ සම්බන්ධයෙන් අප කටයුතු කර ගෙන යනවා. ඒ වගේම මෙරටට පැමිණෙ ආයෝජකයන් මුහුණ දෙන තවත් ගැටලුවක් තමයි ඔවුන්ට තම ආයෝජනවල අයිතිය නොලැබීම. ඊට විසඳුම් වශයෙන් අප ඔවුන්ගේ ආයෝජන අයිතිය තහවුරු වන ආ‍කාරයට නීති පද්ධතිය යාවත්කාලීන කළ යුතුව තිබෙනවා.

යම් ආයෝජකයෙක් මෙරට සිදු කරන ආයෝජනවලදී ඔවුන් අපනයන තත්ත්වයට පත්ව වසර දෙකක් ගත වන තුරු ඔවුන් වෙනුවෙන් විශේෂ බඳු සහන ලබා දීමට රජය අපේක්ෂා කරනවා. ආයෝජකයන් සඳහා ඉඩම් ලබා දීමේදීද පවතින ක්‍රමවේද වෙනුවට නව්‍ය හා විධිමත් ක්‍රමවේද අවශ්‍යතාව නිරීක්ෂණය වී තිබෙනවා. දැනට පවතින ආයෝජනවල බදු කාලය අවසන් වූ පසුව ඒවා නැවත බදු දීමේදී ඔවුන් මෙරට ආර්ථිකයට ලබා දී ඇති දායකත්වය මත සහාය ලබා දීමටද කටයුතු කරනවා. එහි අරමුණ වන්නේ එම ආයෝජකයන් තව දුරටත් අප රට තුළ රඳවා ගැනීමයි.

ඒ වගේම මෙම වසර අවසන් වීමට පෙර සියලුම වර්ගයේ ආයෝජන අවස්ථා ආවරණය වන ආකාරයටනව නීති හඳුන්වා දීම සිදු කරනවා. එම නීති ගෙන ඒමේදී සෙසු රාජ්‍ය ආයතනවල පවතින නීතිවලට බලපෑමක් නොවන ආකාරයට සිදු කිරීමටද අප අපේක්ෂා කරනවා.

මෙරට ආයෝජන සිදු කිරීම සඳහා බාධා වන නීති පිළිබඳ සොයා බැලීමට අදාළ රාජ්‍ය ආයතන නියෝජනය කරන ප්‍රධානීන් 07 දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබෙනවා. ආයෝජකයන්ට කෙටි, මධ්‍ය හා දිගු කාලීන විසඳුම් ලබා දීමද මෙයින් අපේක්ෂා කරනවා. ව්‍යාපෘතිවලට අනුමැතිය ලබා දීමත් මෙම කමිටු හරහා සිදු කෙරෙනවා.

පසුගිය ආර්ථික අර්බුදය හේතුවෙන් නවතා තිබූ ආයෝජන ව්‍යාපෘති 73න් 70ක් මේ වන විටත් යළි ආරම්භ කර තිබෙන බවද සඳහන් කළ යුතුයි.

ඒ වගේම “ One Village – One Product” සංකල්පය යට‍තේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් නිෂ්පාදන සිදු කරන ව්‍යවසායකයන් අපනයන ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනීම වෙනුවෙන් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබෙනවා. එය ප්‍රාද්ශීය ලේකම් කාර්යාල, දිස්ත්‍රික් සහ ජාතික මට්ටමෙන් පුළුල් කිරීමට පියවර ගැනීම රජයේ අරමුණයි.

මෙහිදී යම් නිෂ්පාදනයක් සිදු කර ඒ වෙනුවෙන් වෙළෙඳපොළක් සෙවීම වෙනුවට වෙළෙඳපොල අවශ්‍යතාවයට අනුව නිශ්පාදනය සිදු කිරීමට නිෂ්පාදකයන් පෙළඹවීමක් සිදු කිරීමට අපේක්ෂා කරනවා. ඒ වගේම මධ්‍යම අපනයන කේන්ද්‍රයක් ස්ථාපිත කර ග්‍රාමීය අපනයනකරුවන් හා අපනයන මණ්ඩලය අතර සම්බන්ධතාව පුළුල් කිරීමට ද පියවර ගන්නවා.

කංසා වගාව සඳහා මේ වන විටත් ව්‍යාපෘති යෝජනා 150ක් පමණ ලැබී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට නම්, තිබෙන නීති සංශෝධනය කර අලුත් නීති හඳුන්වා දිය යුතුව තිබෙනවා. එම කාර්යය ඉටු කිරීම දේශීය වෛද්‍ය අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් සිදු කෙරෙනවා. මෙම නීති සම්මත කර ගැනීමෙන් පසුව රක්ෂිත කලාපවල නියමු ව්‍යාපෘති ආරම්භ කිරීම රජයේ අරමුණ වනවා. එසේම ආයෝජන මණ්ඩලය ආයෝජකයන් සඳහා වන පහසුකම් සළසා දීමටත් ඒ සඳහා වන අනුමැතිය ලබා දීම දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුවට පැවරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් මිල ආයේ වැඩිවෙන්නේ නෑ
06:01
Video thumbnail
බැසිල්ගේ කියන නිවසට කඩා පැන්න අන්තරේ සෙට් එක එතනම පදිංචි වෙයි
01:22
Video thumbnail
විශ්‍රාම දිවියට ගිය අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පළමු වරට හෙළිකරපු දේ..මට මාර විරුද්ධත්වයක් තිබ්බේ
12:55
Video thumbnail
අනුර මල්ලි මේ අහන්න.. මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න
04:20
Video thumbnail
අපෝ විපක්ෂයේ කවුරුත් ඕනේ අපිට් නෑ - අපිට තනියෙන් පුළුවන්
02:22
Video thumbnail
මහින්ද බයවෙලා තමයි මිනිස්සුන්ව එක්කන් ආවේ
08:09
Video thumbnail
වාහනයක් මතට ගහක් කඩා වැටෙන අයුරු - වාහනේ ෆ්ලැට් වෙලාම ගියානේද ?
00:54
Video thumbnail
උසාවියට ආ ශානි මාධ්‍යයත් අයින් කරගෙන පිටව ගිය හැටි.."ගන්න එපා..ගන්න එපා.."
01:57
Video thumbnail
කොත්මලේ - ගම්පොළ ප්‍රධාන පාර තාවකාලිකව වසා දමයි
01:07
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අධිකරණයෙන් පිටව ගිය හැටි මෙන්න
00:49