2023 එක්දින ලෝක කුසලාන ගමනේ කොදෙව්වන්ගේ අවසන් තරගය අද ශ්‍රී ලංකාව සමඟ

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරඟ වටයේ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරගය අද (07) පැවැත්වෙනවා.

සිම්බාබ්වේ හරාරේ හිදී අද දහවල් 12.30ට මෙම තරගය ආරම්භවීමට නියමිතයි.

මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව මේ දක්වා සහභාගී වූ තරග සියල්ලම ජයගෙන 2023 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා සිටිනවා.

ඒ, අනුව අද තරගයේ දී ශ්‍රී ලංකා පිළේ වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇති බවයි සිම්බාබ්වෙන් වාර්තා වන්නේ.

මේ අතර 2023 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට නොහැකි වූ කොදෙව්වන් මෙම තරගාවලියේ සහභාගී වන අවසන් තරගය ද මෙය වනවා.

ඒ, අනුව තරගාවලිය ජයග්‍රහණයකින් අවසන් කිරීමට නම් අද තරගය කොදෙව්වන් ජයගත යුතු අතර, මේ වනවිටත් ඔවුන්ගේ කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුව තිබෙනවා.

කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනෙකු වන තුන්ඉරියව් ක්‍රිඩක ජේසන් හෝල්ඩර් සහ වේගපන්දු යවන ක්‍රීඩක අල්සාරි ජෝශප් යළි කොදෙව් දේශයට කැඳවනු ලැබුවා.

ඒ, අනුව ඔවුන්ගේ සංචිතයේ මේ වනවිටත් රැඳී සිටින්නේ ක්‍රීඩකයින් 13 දෙනෙකු පමණක් වන අතර, හෝල්ඩර් සහ ජෝශප්ගේ ඉවත්ව යාමෙන් පසු හිස් වූ ස්ථාන දෙක සඳහා ආදේශක ක්‍රීඩකයින් නම් කිරීමට කොදෙව් ක්‍රිකට් බලධාරීන් අද වනතෙක් කටයුතු කර තිබුණේ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56