spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

2022 LPL තරගාවලියේ දී වනිඳු අලුත් කණ්ඩායමකට

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග 2022 ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ නව කණ්ඩායමක් සමඟ එක්වීමට නියමිත බව වාර්තා වනවා.

ඒ අනුව ඔහු පසුගිය වසරේ දී, එල්.පී.එල්. තරගාවලිය නියෝජනය කළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමෙන් ඉවත්වීමට අවසර ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

එම ඉල්ලීමට අනුව ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වනිඳු හසරංගට නව කණ්ඩායමට එක්වීමට අවසර ලබාදී ඇති බවට ද වාර්තා වනවා.

වනිඳු 2020 ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දී ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම නියෝජනය කළ අතර ඔහු 2021 තරඟාවලියේ දී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් තරග වැදුණා.

මේ අතර මෙවර තරගාවලිය සඳහා වූ ක්‍රීඩකයින් තෝරා ගැනීම වන ක්‍රීඩක කෙටුම්පත් (Player draft) කිරීම අනිද්දා (05) සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?