2022 LPL තරගාවලියේ කණ්ඩායමක රඳවාගත හැකි ක්‍රීඩකයින් සංඛ්‍යාව ප්‍රකාශයට පත් කරයි

2022 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පතට පෙර ක්‍රීඩකයින් 05 දෙනෙකු පමණක් කණ්ඩායම තුළ රඳවා ගැනීමට අවසර දී තිබෙනවා.

එලෙස රඳවා ගත හැකි ක්‍රීඩකයින් 05 දෙනා අතර සිටිය හැකි උපරිම විදේශීය ක්‍රීඩකයින් සංඛ්‍යාව දෙදෙනෙක් පමණක් බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව රඳවාගනු ලබන අනෙකුත් ක්‍රීඩකයින් තිදෙනා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විය යුතුයි.

ක්‍රීඩක කෙටුම්පතට පෙර එක් කණ්ඩායමක් ක්‍රීඩකයින් පස්දෙනෙකු දෙනෙකු රඳවා තබාගන්නේ නම්, එම කණ්ඩායමට ක්‍රීඩක කෙටුම්පතේදී ඉතිරි ක්‍රීඩකයින් 15 තෝරා ගැනීමේ හැකියව පවතිනවා.

මෙවර තරගාවලිය තුළ කණ්ඩායමකට තබා ගත හැකි උපරිම විදේශීය ක්‍රීඩකයින් සංඛ්‍යාව 06ක් වන අතර, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 14 දෙනෙකු එක්කර ගැනීමට අවසර හිමි වෙනවා.

ඒ අනුව කණ්ඩායම තුළ සිටිය යුතු සමස්ත ක්‍රීඩකයින් සංඛ්‍යාව 20ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36