2022 නව වසර සඳහා වූ ජනාධිපතිතුමාගේ සුබ පැතුම

දැඩි උද්යෝගයකින් සහ අපේක්ෂා සහගතව ලැබුවා වූ 2022 නව වසර පිළිගනු ලබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

නව අවුරුදු උදාව වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා ඒ බව පැවසීය.

ඉන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, උදාවූ නව වසර අලුත් හැඟීම් සමග සුබවාදීව සහ අධිෂ්ඨානශිලීව අනාගතය දෙස බැලීමට අපව නිතැතින්ම පොළඹවනු ලබන බවය.

අනාගත සමෘද්ධිය උදෙසා වන අධිෂ්ඨානයෙන් යුතුව ගෙවී ගිය වසර රටටත් ජන සමාජයටත් එල්ල කළ බලපෑම දෙස අප ආපසු හැරීබැලිය යුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

අභියෝග හඹාගොස් ඒවා ජයග්‍රහණය කරමින් ජනතා කේන්ද්‍රීය ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය තැබූ පියවර තවදුරටත් ඉදිරියට ගැනීමේ අවස්ථාව නව වසරේ උදාවෙන බව සිය දැඩි විශ්වාසය බවද ජනාධිපතිවරයා පවසයි.

සමෘද්ධිය කරා අපි පියවර තැබිය යුත්තේ ආත්ම විශ්වාසය, කැපවීම සහ එකමුතුකම තුළින් බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

“එළඹුණු නව වසර ජනතාවට ‘සෞභාග්‍යයේ දැක්ම’ සාක්ෂාත් කරගැනීම සඳහා කැපවන පරිවර්තනීය වසරක් බවට පත්කරන ලෙස මම ඔබ සැමට ආරාධනා කරමි.” යනුවෙන් ද ජනාධිපතිවරයා නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයේ වැඩිදුරටත් දැක්වෙයි.

මේ අතර, සියලුදෙනාගේ යහපත් බලාපොරොත්තු සහ ප්‍රාර්ථනා මල්ඵල ගැන්වෙන සුබ නව වසරක් වේවායි 2022 නව වසර උදාව වෙනුවෙන් සුබ පැතුම් එක්කරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ජීවිතයේ දුෂ්කර අත්දැකීම්වලින් පන්නරය ලබමින් වඩා ශක්තිමත්ව ඉදිරි අභියෝග ජයගැනීමට නව වසර උදාවේ අප සියලුදෙනා අදිටන් කරගත යුතු බවද ඉන් පෙන්වා දෙයි.

“රජයක් ලෙස අප පසුගිය වසරේ වඩා ප්‍රමුඛත්වය ලබාදුන්නේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගැනීම වෙනුවෙනි.” යනුවෙන් ද අගමැති නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයේ දැක්වෙයි.

ඒ අනුව අගමැතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එකිනෙකාට චෝදනා කිරීම වෙනුවට නිවැරදි දේ තෝරා බේරාගෙන ඒ සඳහා ක්‍රියාත්මකවීමෙන් දැනට පවතින බොහෝ ගැටලු ජයග්‍රහණයෙන් කෙළවර කළ හැකි බවය.

මේ අතර, අධිෂ්ඨානශීලී නව වසරකට සමස්ත ජනතාවටම සුබ පැතුම් එක්කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 2022 නව වසරට ආසිරි එක්කරමින් පවසයි.

ඔහු පෙන්වා ද‍ෙන්නේ, ජයග්‍රහණවලට වඩා රටක් ලෙස, පරාජයන් මෙන්ම අහිමිවීම් සහ වේදනාවන් රැසක් අත්විඳි වසරක් නිමාවී නව වසරක් උදා වන බවය.

හෘද සාක්ෂියට එකඟව හෘදයාංගම සුබපැතුමක් පතනවා හැරුණුකොට මේ මොහොතේත් පීඩාව සහ දුක් දොම්නස් අත්විඳිමින් සිටින ශ්‍රී ලාංකේය ජනතාවට ව්‍යාජ සුරංගනා ලෝකයක් පිළිබඳව හිස් ප්‍රාර්ථනාවන් කිරීමම රටේ ජනතාවට කරනු ලබන නිගාවක් යැයි ද විපක්ෂ නායකවරයා පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයේ දැඩිදුරටත් දැක්වෙන්නේ,

“රටේ පුරවැසි පරම්පරාවේ නාමයෙන් අපි නැවත ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ මේ ජාතික ව්‍යසනකාරී මොහොතේ පටු බල උන්මාදය වෙනුවට නිරහංකාර ජනතාවාදී වැඩපිළිවෙලකට අවතීර්ණ වන ලෙසය,” යනුවෙනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රතුගල නව ආදිවාසී නායක තනතුරට පුත් නිශාන්ත කුමාර ඇත්තන් පත් කළ හැටි..මෙයාට ශක්තියක් තියෙනවා
03:20
Video thumbnail
රතුගල ආදිවාසී නායකයා සැමගේ සෝසුසුම් මැද අවසන් කටයුතු වූ අයුරු..මහ සෙනඟක් ඇවිත්
07:11
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ සිරුරු කොටස් රසායනාගාර පරීක්ෂණවලට..මෙන්න එහි නවතම දර්ශන
02:22
Video thumbnail
වාහනයක් පදවනවනම් මේක අනිවාර්යෙන් බලන්න..කිසිම වාහනයක නෑ Fire Extinguisher එකක්
02:13
Video thumbnail
18% මිල වැඩි කිරීම රජය ගත්තු කප්පමක්..විදුලි බිල වැඩිවීම ගැන සජිත් කට අරියි
04:49
Video thumbnail
හැකර්ලගේ ප්‍රහාර තව දුරටත් අනාගතේ වෙන්න පුළුවන්..හැකර්ලා නවත්තන්න ලේසි න නෑ l Wasantha Samarasinghe
04:51
Video thumbnail
අම්පිටියේ හිමි හදිසියේම මහ සෙනඟක් එකතු කරයි..රට හදන්න පුළුවන් මීළඟ ජනපති දිලිත් ජයවීර
02:25
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ එළොව යාම නිසා පොහොට්ටුව බය වෙලාද ?"ඔව් අපි බයයි"
03:42
Video thumbnail
PUCSL එක ගල් අඟුරු වංචාව පැත්තේ හිටියේ..විදුලි බිල ඉහළ යාම නිසා අතුලට යකා ආරූඪ වෙයි
06:27
Video thumbnail
පසන් කස්තුරිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්..හිටපු ජනපති මහින්දට ජම්පරේ අදින්න වෙයිද ?
01:38