spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

2022 කාන්තා ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවට අහිමි වෙයි

සිම්බාබ්වේ හි පැවැත්වෙමින් තිබූ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය එරට තුළ පවතින කොවිඩ් 19 රෝගයේ ව්‍යව්‍යාප්තිය හේතුවෙන් අවලංගු කිරීම හේතුවෙන් 2022 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අවාසනාවන්‍ත ලෙස අද අහිමි විය.

තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව අද දිනයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග තරග කිරීමට නියමිතව තිබූ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය කාර්යය මණ්ඩලයේ සාමාජිකයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් එම තරගය ද අවලංගු වි​ය.

තරගාවලිය අවලංගු කිරීම හේතුවෙන් ලබන වසරේ නවසීලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය සදහා  ICC ශ්‍රේණිගත කිරීම් මත පදනම්ව පාකිස්තානය, බංග්ලාදේශය  හා බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් සුදුසුකම් ලබා ගන්නා බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කර සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?