2022 ආසියානු කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය පසුගිය දා තීරණය කළා.

කෙසේ වෙතත් එම තරගාවලියේ සත්කාරක අයිතිය ශ්‍රී ලංකාව දිගටම රඳවා ගන්නා බවයි අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරන්නේ.

ශ්‍රී ලංකාව තුළ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් අගෝස්තු 27 සිට සැප්තැම්බර් 11 දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමටයි ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කළේ.

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ආසියානු කුසලානය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සෑම උත්සාහයක්ම ගත් අතර පසුව එය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගෙනයාමට තීරණය කළ බවයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය නව ස්ථානයක් පමණක් වනු ඇති අතර, ශ්‍රී ලංකාව තරගාවලියේ සත්කාරකත්වය දිගටම රඳවා ගනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57