spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

2022 ආසියානු කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය පසුගිය දා තීරණය කළා.

කෙසේ වෙතත් එම තරගාවලියේ සත්කාරක අයිතිය ශ්‍රී ලංකාව දිගටම රඳවා ගන්නා බවයි අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරන්නේ.

ශ්‍රී ලංකාව තුළ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් අගෝස්තු 27 සිට සැප්තැම්බර් 11 දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමටයි ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කළේ.

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ආසියානු කුසලානය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සෑම උත්සාහයක්ම ගත් අතර පසුව එය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගෙනයාමට තීරණය කළ බවයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය නව ස්ථානයක් පමණක් වනු ඇති අතර, ශ්‍රී ලංකාව තරගාවලියේ සත්කාරකත්වය දිගටම රඳවා ගනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
39
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?