2021 ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනය

2021 වර්ෂයේ 5 වසරේ ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 3 වන දින පවත්වන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

මේ අතර 2021 වර්ෂයේ අ.පො.ස. උසස් පෙළ විභාගය ඔක්තෝබර් මස 4 වන දින සිට ඔක්තෝබර් මස 31 වන දා දක්වා පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇතැයි ද ලේකම්වරයා සඳහන් කරයි.

මීට පෙර ද විභාගයන් පැවැත්වීමට තීරණය කර තිබුණේ මෙම දිනයන් වන අතර ඊයේ දිනයේ දී පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා පවසා සිටියේ, ඔක්තෝබර් මස පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය කල්දැමීම හෝ පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගන්නා බවය.

පාර්ලිමේන්තුවේ දී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා සිදුකළ ප්‍රශ්න කිරීමට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මේ අතර මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරුවන්ගේ ප්‍රායෝගික පරීක්ෂණ කඩිනමින් පවත්වන බව ද අමාත්‍යවරයා පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09