2000 දීමනාව දීලා නැවත අපේ ග්‍රාම නිලධාරී තුමිය ඉල්ලනවා

රජය මගින් ජීවන උපාය අහිමි වූවන්ට ලබා දෙන රුපියල් දෙදහසේ මුදල පුද්ගලයකුට ලබාදුන් පසුව දින කිහිපයකට පසුව නැවත ලබා ගැනීමේ පුවතක් මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ සුල්තානාගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

රට වසා දමා දමා ඇති කාලසීමාවේදී ජීවනෝපාය අහිමි වන පවුල් සඳහා රුපියල් 2000ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබුණා.

ඒ අනුව මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අකුරුගොඩ ප්‍රදේශයේ වයස (41 ) පුද්ගලයකු වෙත ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී තුමිය විසින් පසුගිය දිනක ලබාදුන් රු.2000 මුදල නැවත දින කිහිපයකට පසුව එම ග්‍රාම නිලධාරී තුමිය විසින් ඉල්ලා සිටි බව එම පුද්ගලයා සඳහන් කළා.

ඔහු අප වාර්තාකරුට තවදුරටත් මෙසේ පැවසීය

මට රුපියල් 2000 ඉකුත් සතියේ බ්‍රහස්පතින්දා ලැබුණා, දින කීපයකට පසුව අපේ ග්‍රාම නිලධාරී තුමිය විසින් විටින් විට ඇවිත් මට ලබා දුන් රුපියල් දෙදහසේ මුදල ඉල්ලනවා දෙන්න මුදල් තිබුනේත් නෑ , පසුව මම යාළුවෙකුගෙන් ණයට රුපියල් දාහක් ගෙනත් ග්‍රාම නිලධාරීයට දුන්නා ඉතිරි රුපියල් දහ වෙනුවෙන් මගෙන් එතුමිය ලිපියක් ගත්තා මම පුද්ගලික ආයතනයක වැඩ කරනවා යැයි පැවසීය .

මේ පිළිබඳව කළ විමසීමකදී අකුරුගොඩ බටහිර ග්‍රාම නිලධාරී ඩි. ඒ.පි. ශ්‍යාමලී මිය සඳහන් කලේ මෙවැන්නක්

පුද්ගලික අංශයේ වැටුප් ලබන අයට 2000 දෙන්නේ නැහැ නමුත් එම පුද්ගලයා රැකියාව නොකරන බවට ප්‍රකාශ කරමින් තමයි තොරතුරු වසන් කරලා එම මුදල අරගෙන තියෙන්නේ , පසුව මම ඔහුට දැනුම් දුන්නා එම මුදල රජයට පියවිය යුතු බවට මම මෙම වසමට රාජකාරියට පැමිණිලා මාස හයක් පමණ ගත වෙන්නේ එ නිසා පුද්ගලයන්ගේ ප්‍රමාණවත් තොරතුරු අප සතුව නැහැ .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09