spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

20-20 ලෝක කුසලානය වෙනුවෙන් චමීර සහ ළහිරු කුමාර පුහුණුවීම්වල

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන් වන දුෂ්මන්ත චමීර සහ ළහිරු කුමාර ඕස්ට්‍රේලියාවේ දී ආරම්භ වන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් පෙර පුහුණුවීම් ආරම්භ කර තිබෙනවා.

ආබාධයන්ට ලක්වීම හේතුවෙන් මොවුන් දෙදෙනාට නිමා වූ ආසියානු කුසලානය අහිමි වී ගියා.

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා පූර්ණ ශාරීරික යෝග්‍යතාවයට යටත්ව ලෝක කුසලානය සඳහා වන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

වැඩි ඉපිලීමක් සහිත වේගවත් තණ තීරු ඕස්ට්‍රේලියාවේ තිබීම තුළ, දුෂ්මන්ත සහ ළහිරුගේ යළි පැමිණීම ශ්‍රී ලංකා කණ්ඩායමට ශක්තියක් වනු ඇති බවයි බොහෝ දෙනාගේ මතය වී ඇත්තේ.

මේ අතර ඕස්ට්‍රේලියාවේ පවතින දේශගුණික රටාවන් සහ තණ තීරුවලට හුරුවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඔක්තෝබර් 02 වනදා මෙල්බර්න් වෙත ගමන් කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?