20-20 තරගාවලියෙන් බංගලියෝ පරදා සිංහයින්ට සුපිරි ජයක්

සත්කාරක බංග්ලාදේශය සමග පැවති විස්සයි විස්ස තරගාවලිය ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම අද (09) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවති තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකාව විශිෂ්ඨ ජයක් ලැබීමත් සමගයි.

නුවන් තුෂාරගේ සුපිරි පන්දු යැවීම හමුවේ බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකාව මෙම තරගය ජය ගත්තේ ලකුණු 28කින්.

තරගයේ බංග්ලාදේශ ආරාධනයෙන් සිල්හෙට් පිටියේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 07ක් දැවී ලකුණු 174ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

එහි වැඩි බරක් කරට ගෙන ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් සිය ජාත්‍යන්තර විස්සයි විස්ස තරග දිවියේ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් ලකුණු 86ක් රැස් කළා.

ඊට අමතරව දසුන් ශානක ලකුණු 19ක් සහ වනිදු හසරංග ලකුණු 15ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී ටස්කින් අහමඩ් සහ රිශාඩ් හුසේන් කඩුලු දෙක බැගින් බිද දැමුවා.

අනතුරුව ලකුණු 175ක ඉලක්කයක් හඹා යාමට බංග්ලාදේශය කණ්ඩායම පිටියට පිවිසියා.

එහිදී බංග්ලාදේශ පළමු කඩුලු පහ ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට බිද දමන්නට ධනංජය ද සිල්වා සහ නුවන් තුෂාර සමත් වුණා

බංග්ලාදේශය ඉනිමේ පළමු කඩුල්ල ධනංජය විසින් බිද දැමූ අතර ඉතිරි කඩුලු 04 නුවන් තුෂාර විසින් දවාගත්තා.

මෙහිදී නුවන් තුෂාර විසින් කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත් වුණා.

ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයක දී ශ්‍රී ලංකා පන්දු ‍යවන්නෙක් කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ හයවන අවස්ථාව මෙය වනවා.

නජිමුල් සැන්ටෝ, තව්හිඩ් රිඩෝයි සහ මහමදුල්ලාහ් රියාද් නුවන් තුෂාරගේ කඩුලු ත්‍රිත්වයේ ගොදුරු බවට පත් වුණා.

බංග්ලාදේශ ඉනිම වෙනුවෙන් රිශාඩ් හුසේන් ලකුණු 53ක් වාර්තා කරමින් එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වුණා

කෙසේ වෙතත් බංග්ලාදේශයට පන්දු වාර 19 පන්දු 02ක් තුළ කඩුලු සියල්ල දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 146ක් පමණයි.

පන්දු ‍යැවීමේ දී නුවන් තුෂාර කඩුලු 05ක් සහ වනිදු හසරංග කඩුලු 02ක් බිද දැමුවා.

ඒ, අනුව ශ්‍රී ලංකාව ලකුණු 28කින් මෙම තරගය ද ජයගෙන තරගාවලිය දෙකට එකක් ලෙස ජයගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"හරි කැතයි මේක මාධ්‍යයට - ඕකද මාධ්‍ය සදාචාරය ?"..සජබ රංජිත්ට යකා නගියි
03:46
Video thumbnail
හදුන්නෙත්ති කරපු බ# වැඩේ - ගො# ඇමතියා, උත්තර දීපියව්
08:22
Video thumbnail
ජනාධිපති එකම සෙනඟ හැමතැනටම ඇදලා රැස්වීම් තියනවා - හොර නඩයට මම අභියෝග කරනවා
07:56
Video thumbnail
සංජීව මාධ්‍ය කැඳවලා ජනාධිපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
03:48
Video thumbnail
ගේට්ටු කඩාගෙන ගේ මිදුලටම ආපු වන අලි
01:09
Video thumbnail
AKD පුස්.. මහින්දගේ මයිලක් තරම්වත් අනුර වටින්නේ නෑ
09:40
Video thumbnail
අනෝජන්ගේ මරණ දඬුවම අවලංගුයි - රටම බලා සිටි සුබ ආරංචිය මෙන්න
02:17
Video thumbnail
රාජපක්ෂලා වැරදි කරලා නම් ම#රණ දඬුවම් දුන්නත් කමක් නෑ
05:29
Video thumbnail
රට පුරා ප්‍රදේශ රැසකට අදත් තද වැසි
03:03
Video thumbnail
ප්‍රසිද්ධ පාසලක මත් ජාවාරම් කරන ගුරුවරු, විදුහල්පතිතුමියව එළවන්න හදනවා
05:42