20 හැවිරිදි පෙම්වතියට මත්ද්‍රව්‍ය පුරුදු කළ පෙම්වතා අල්ලන විමර්ශන

වයස අවුරුදු 20ක් වන තරුණියකට හෙරොයින් මත්ද්‍රව්‍ය පානය කිරීමට පෙළඹවීමේ සිදුවීමක් සම්බන්ධයෙන් වැලිපැන්න පොලිසියට පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

අදාළ තරුණියගේ මව ඇතුළු ඥාතීන් තරුණියද සමග වැලිපැන්න පොලිසියට පැමිණ මෙම පැමිණිල්ල සිදු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම තරුණියගේ පෙම්වතා බව කියන 22 හැවිරිදි අයෙකු අවස්ථා ගණනාවකදී මෙලෙස ඇයට මත්ද්‍රව්‍ය පානයට ලබාදී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

දර්ගා නගරය ප්‍රදේශයේ පදිංචි සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර ඔහු මාස ගණනාවක සිට මෙම තරුණිය සමග ප්‍රේම සබඳතාවක් පවත්වා ගෙන යමින් සිටි බව සඳහන්.

තමාව විවිධ ස්ථානවලට රැගෙන ගොස් පෙම්වතා ද හෙරොයින් පානය කර තමාට ද මත්ද්‍රව්‍ය පැනයට හුරු කර ඇති බවටයි ඇය පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ.

මෙලෙස තරුණියට මත්ද්‍රව්‍ය ලබාදී මත් වීමෙන් පසු ලිංගික හිංසන සිදු කරන බවටයි ඇය පවසා ඇත්තේ.

මෙම කරුණු සැලකිල්ලට ගත් පොලිසිය සිද්ධියට මුහුණ දුන් තරුණිය කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇය මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහි වී ඇද්ද යන්න සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට නියමිතයි.

ප්‍රදේශයෙන් පළා ගොස් සිටින සැකකාර පෙම්වතා අත්අඩංගුවට ගැනීමට ද පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33