spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

20 හැවිරිදි පෙම්වතියට මත්ද්‍රව්‍ය පුරුදු කළ පෙම්වතා අල්ලන විමර්ශන

වයස අවුරුදු 20ක් වන තරුණියකට හෙරොයින් මත්ද්‍රව්‍ය පානය කිරීමට පෙළඹවීමේ සිදුවීමක් සම්බන්ධයෙන් වැලිපැන්න පොලිසියට පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

අදාළ තරුණියගේ මව ඇතුළු ඥාතීන් තරුණියද සමග වැලිපැන්න පොලිසියට පැමිණ මෙම පැමිණිල්ල සිදු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම තරුණියගේ පෙම්වතා බව කියන 22 හැවිරිදි අයෙකු අවස්ථා ගණනාවකදී මෙලෙස ඇයට මත්ද්‍රව්‍ය පානයට ලබාදී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

දර්ගා නගරය ප්‍රදේශයේ පදිංචි සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර ඔහු මාස ගණනාවක සිට මෙම තරුණිය සමග ප්‍රේම සබඳතාවක් පවත්වා ගෙන යමින් සිටි බව සඳහන්.

තමාව විවිධ ස්ථානවලට රැගෙන ගොස් පෙම්වතා ද හෙරොයින් පානය කර තමාට ද මත්ද්‍රව්‍ය පැනයට හුරු කර ඇති බවටයි ඇය පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ.

මෙලෙස තරුණියට මත්ද්‍රව්‍ය ලබාදී මත් වීමෙන් පසු ලිංගික හිංසන සිදු කරන බවටයි ඇය පවසා ඇත්තේ.

මෙම කරුණු සැලකිල්ලට ගත් පොලිසිය සිද්ධියට මුහුණ දුන් තරුණිය කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇය මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහි වී ඇද්ද යන්න සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට නියමිතයි.

ප්‍රදේශයෙන් පළා ගොස් සිටින සැකකාර පෙම්වතා අත්අඩංගුවට ගැනීමට ද පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
7
+1
19
+1
5
+1
8
+1
4
+1
10
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?