spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

20 හැවිරිදි එක්දරු මවක් රත්ගම දී ඝාතනය කරලා

රත්ගම, ඕවකන්ද ප්‍රදේශයේ දී ඊයේ (26) රාත්‍රියේ තියුණු ආයුධයකින් පහර දී එක් දරු මවක් ඝාතනය කර ඇති බව රත්ගම පොලිසය පවසනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 20 හැවිරිදි වියේ පසු වූ කාන්තාවක් බවයි වාර්තා වන්නේ.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ පවුල් ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බවයි.

මියගිය කාන්තාව පදිංචි නිවස අසල පදිංචි පුද්ගලයෙකු විසින් පවුල් ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති අතර, මෙහිදී තුවාල ලැබූ 43 හැවිරිදි තවත් කාන්තාවක් කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධියට සම්බන්ධ සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් රත්ගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?