1996 ක්‍රිෂාන්ති කුමාරස්වාමි ඝාතන සිද්ධියේ විත්තිකරුවන්ගේ පෙත්සමක් ඉවතට

යාපනයේ ක්‍රිෂාන්ති කුමාරස්වාමි නම් පාසල් දැරියක් දූෂණය කර මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ, 1996 වසරේ දී ආන්දෝලනයකට තුඩු දුන් යාපනයේ ක්‍රිෂාන්ති කුමාරස්වාමි නමැති පාසල් සිසුවිය දූෂණය කර මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින යුද හමුදා කෝප්‍රල් සෝමරත්න රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකු තමන්ට එරෙහිව පනවා තිබෙන මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් තමන්ට සමාව ප්‍රදානය කර එම දඬුවම වසර 20 දක්වා අඩු කිරීමට ජනාධිපතිවරයා සලකා බැලිය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට නොගෙන ඒකමතිකව ප්‍රතික්ෂේප කළ බවයි.

මෙම පෙත්සම අද (03) කුමුදුනී වික්‍රමසිංහ, අචල වෙංගප්පුලි සහ මේනකා විජේසුන්දර යන පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

පෙත්සම සලකා බැලූ අවස්ථාවේ දී එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ලක්මාලී කරුණානායක මහත්මිය විසින් මූලික විරෝධතා මතුකර තිබුණා.

එම මූලික විරෝධතාවලින් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කර සිටියේ මෙම පෙත්සම පවත්වාගෙන යාමට නොහැකි බවයි.

මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙන්නේ නිසි නීතිමය කාලසීමාව ඉක්මවා යාමෙන් පසුව බව ද එහිදී සඳහන් කළා.

වැඩිදුරටත් කරුණු දක්වූ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අධිකරණය මගින් වරදකරු කළ පුද්ගලයින්ට සමාව ප්‍රදානය කිරීම ජනාධිපතිවරයා සතු පරම අයිතියක් බවත් එවැනි සමාවක් ප්‍රදානය කරන ලෙස ඉල්ලා සිටීමට පෙත්සම්කරුවන්ට නීතිමය හිමිකමක් නොමැති බවත් අවධාරණය කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම විභාගයට නොගෙන ඒකමතිකව නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කර තිබුණා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ 1998 වසරේ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් වරදකරුවන් කෙරුණු තමන්ට එම අධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර ඇති බවයි.

එහෙත් රජය විසින් ගෙන තිබෙන ප්‍රතිපත්තිමය තීරණයක් හේතුවෙන් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොකිරීමට රජය තීරණය කර ඇති බවත් පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.

මේ හේතුවෙන් තමන් දීර්ඝ කාලයක් බන්ධනාගාරගත වී සිටින බවත් ඔවුන් සිය පෙත්සම්වලින් පෙන්වා දී තිබුණා.

ඒ අනුව තමන්ට නියම කර තිබෙන දඬුවම වසර 20ක සිරදඬුවමක් බවට පරිවර්තනය කොට දඬුවම් නියමව 1998 වසරේ සිට එය ක්‍රියාත්මක විය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඊට අමතරව තම දඬුවම ක්‍රියාත්මක නොකරන්නේ නම් තමන්ට සමාව ප්‍රදානය කිරීමට ජනාධිපතිවරයා සලකා බැලිය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පෙත්සම්වලින් වැඩිදුරටත් ඉල්ලා තිබූ බවත් වාර්තාකාරිණිය වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39