195කට කොවිඩ් ආසාදනය වී ඇති බව කියන පොලිස්වසම්

නුගේගොඩ පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් වසම් 15හි මෙන්ම විශේෂ අංශ තුනක නිලධාරීන් සහ නිලධාරිනියන් 195කට කොරෝනා වෛරසය ආසාදිත වී ඇතැයි පොලිස් වාර්තා සඳහන් කරන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා

වැඩිම ආසාදිත පිරිස වන 34 දෙනකු බුද්ධි හා ආවේක්ෂණ කොට්ඨාසයෙන්ද, නුගේගොඩ කොට්ඨාස ළමා කාන්තා කාර්යාංශයේ මෙන්ම නුගේගොඩ කොට්ඨාස අපරාධ අංශයේ නිලධාරීන් කිහිප දෙනකුද ආසාදිතයන් අතර වන බව එම වාර්තාවේ සඳහන්

අතුරුගිරිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට, නුගේගොඩ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ මෙන්ම පාදුක්ක පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනියන් ලෙස කටයුතු කරන කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියකට මෙන්ම කාන්තා උප පොලිස් පරීක්ෂකවරියට වෛරසය ආසාදිත වී ඇති බවයි එම වාර්තා සඳහන් කරන්නේ .

හෝමාගම, අතුරුගිරිය, තලංගම, ගොතටුව, මහරගම, කොට්ටාව, මීගොඩ, මුල්ලේරියාව, වැලිකඩ, නවගමුව, මිරිහාන, කඩුවෙල, හංවැල්ල, පාදුක්ක හා බොරලැස්ගමුව පොලිසිවල නිලධාරීන් සහ නිලධාරිනියන් එම ආසාදිත පිරිසට අයත් වන බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබෙන බව එම පුවත්පත සඳහන් කරනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන හා තාප බලාගාර මාෆියාවට යට වූ රජය සූර්ය බලශක්ති ව්‍යාපෘති විනාශ කරන්න හදනවා
05:33
Video thumbnail
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පිරිසක් හොරෙන් ආණ්ඩුවට සහාය දෙනවා
04:01
Video thumbnail
නිමල් පෙරේරා නාමල්ට සල්ලි දුන්නානම් නිමල් වැරදිකාරයෙක්නේ - මහින්දගේ ගුණ වයපු SB දිසානායක
02:43
Video thumbnail
විපක්ෂයට වගේම ආණ්ඩුවටත් නීතිය හරියටම ක්‍රියාත්මක වෙන්න ඕනේ
06:47
Video thumbnail
වැරදි කරන රියදුරන්ට ලකුණු අඩුවෙන ක්‍රමවේදයක් - රියදුරු බලපත්‍රය තහනම් කිරීමේ බලය තියෙනවා
11:52
Video thumbnail
සජබයත් එක්ක අපිට කිසිම ඩීල් එකක් නෑ
08:50
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරු ජවිපෙ ඒකාධිපති කණ්ඩායමට යටවුණා
08:25
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04