18 හැවිරිදි සිසුවෙක් පැහැරගෙන ගොස් රන් මාලය කොල්ල කළා

බුලත්සිංහල නගරයේ බස් නැවතුම්පොළේ සිටි 18 හැවිරිදි සිසුවෙකු පැහැරගෙන ගොස් ඇඳ සිටි කමිසය ගලවා දෑත් බැඳ ඔහු ගෙළ පැළඳ සිටි රන් මාලය කොල්ල කා පළා ගොස් ඇති බව බුලත්සිංහල පොලිසිය පවසනවා.

මෙම සිසුවා ඊයේ (29) සවස අමතර පන්ති නිමව නිවස කරා යෑමට බස්නැවතුමේ රැඳී සිටියදී මෙම සිදුවීමට මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් “අපි වලානේ යුනිට් එකෙන් ” බව පවසමින් සිසුවාව පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පවසා යතුරුපැදියේ මැද නංවාගෙන දොඩම්ගොඩ ප්‍රදේශයේ පාළු රබර් වත්තකට රැගෙන ගොස් තිබෙනවා.

එහිදී සිසුවාගේ කමිසය ගලවා අත්දෙක බැඳ පැළඳ සිටි රන්මාලය කොල්ල කා සැකකරුවන් දෙදෙනා පළාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස කොල්ල්ල කෑමට ලක්වූ සිසුවා බුලත්සිංහල, ගෝවින්න ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි මෙම සිද්ධිය පිළිබඳව විමර්ශන අරඹා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26