18ට වැඩි අය TIN අංකය ගන්නේ මෙහෙමයි

වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනා ජනවාරි 31 වැනිදා වන විට TIN අංකය, එහෙමත් නැතිනම් බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබා ගැනීම අනිවාර්යයි.

හැබැයි ඉතිං ඒක ලේසියෙන්ම ගන්නේ කොහොමද, ඒ සඳහා මොනවද අවශ්‍ය වෙන්නේ වගේ ප්‍රශ්න බොහෝ දෙනෙකුට තිබෙනවා.

රජය ගත් ප්‍රතිපත්තිමය තීරණයකට අනුව ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 18ට වැඩි සියලුම දෙනා මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට TIN අංකයක් ලබාගත යුතුයි.

කෙසේ වෙතත්, පවතින තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් පෙබරවාරි මස පළමුවැනිදා දක්වා එම කාලය දීර්ඝ කිරීමට මේ වනවිට රජය තීරණය කර තිබෙනවා.

ජංගම ගිණුමක් ආරම්භ කිරීමේදී, ගොඩනැගිලි සැලසුම් අනුමැතිය ඉල්ලා සිටින අවස්ථාවේදී, මෝටර් රථයක් ලියාපදිංචි කිරීමේදී, බලපත්‍රයක් අලුත් කිරීමේදී සහ ඉඩම් අයිතිය ලියාපදිංචි කිරීමේදී පෙබරවාරි පළමුවැනිදා සිට බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය අනිවාර්ය වනවා.

කෙසේ වෙතත්, TIN අංකයක් ලබාගත් පමණින් එම පුද්ගලයා බදු ගෙවීමට බැඳී නොසිටින බව මුදල් අමාත්‍යාංශය අවධාරණය කරනවා.

එලෙස බදු වගකීමට යටත් වන්නේ වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයින් අතරින් වාර්ෂික බදු නිදහස් කිරීමේ සීමාව වන රුපියල් ලක්ෂ 12ක ආදායම ඉක්මවන පුද්ගලයින් පමණයි.

මේ වනවිට බොහෝ දෙනෙකුට ඇති ගැටලුව නම් බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබා ගන්නේ කෙසේද යන්නයි.
ඒ සඳහා ආකාර කිහිපයක් පවතිනවා.

ඉන් එකක් වන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට පැමිණ හෝ එහි ප්‍රාදේශීය කාර්යාලවලින් TIN අංකයක් ලබා ගැනීමයි.

ඊට අවශ්‍ය වන්නේ ජාතික හැඳුනුම්පත පමණයි.

එසේ නොමැති නම් අන්තර්ජාලය ඔස්සේ අයැදුම්පත්‍රය බාගත කරගෙන එය පුරවා තැපැල් මගින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යොමු කිරීමෙන්ද TIN අංකයක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.

වඩාත් පහසුම ක්‍රමය වන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස අන්තර්ජාලය ඔස්සේ TIN අංකයක් ලබා ගැනීම සඳහා ලියාපදිංචි වීමයි.

අදාළ පෝරමය පිරවීමේදී ඔබට අවශ්‍ය වන්නේ ඔබගේ ජාතික හැඳුනුම්පත හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රය පමණයි.

එහි පිටපතක් උඩුගත කිරීමට පහසුකම් සලසා ඇති අතර, අවශ්‍ය නම් බැංකු ගිණුමේ පාස්පොතේ ඡායාරූපයක් වූවද වැඩි පහසුව සඳහා උඩුගත කළ හැකියි.

ජාතික හැඳුනුම්පතේ ලිපිනය සමග වත්මන් ලිපිනය වෙනස් වන්නේ නම් ග්‍රාම නිලධාරී සහතිකයක් අවශ්‍ය වනවා.

අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි වීමේදී වැඩ කරන දින 05ක් ඇතුළත TIN අංකය ලැබෙනු ඇති.

මෙලෙස බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබා නොගන්නා පුද්ගලයින් රුපියල් 50,000ක දඩයකට යටත් කළ හැකි නීති ප්‍රතිපාදන තිබුණත් එය මේ අවස්ථාවේ ක්‍රියාත්මක වන්නේ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56