17 හැවිරිදි සිසුවෙකුට එන්නත් විද්‍යා ගුරුවරිය අත්අඩංගුවට

කිසිදු වෛද්‍ය සුදුසුකමක් නොමැති නිව්යෝර්ක් පාසල් ගුරුවරයෙකු සිසුවෙකුට කොවිඩ් එන්නතක් ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව එරට බලධාරීහු සඳහන් කරනවා

එරට පොලිසිය පවසන්නේ ලෝරා රූසෝ නැමති ගුරුවරිය තම නිවසේ දී මෙම මාත්‍රාව ලබා දුන්නේ පිරිමි ළමයාගේ දෙමාපියන්ගේ කැමැත්ත හෝ එන්නත් කිරීමට නීත්‍යානුකූල අවසරයක් නොමැති අවස්ථාවකදී බවයි.

17 හැවිරිදි පිරිමි ළමයාට එන්නත අවශ්‍යව තිබූ බව වාර්තා වන නමුත් මෙලෙස ලබා දීම සුදුසු නොවන බවයි බලධාරීන් සඳහන් කරන්නේ.

54 හැවිරිදි රුසෝ මෙනවිය ජීව විද්‍යාව උගන්වන ගුරුවරියක්

ඇය වරදකරු වුවහොත් වසර හතරක සිරදඬුවමකට මුහුණ දීමට සිදුවනු ඇති

බලධාරීන් පවසන්නේ  එන්නත් වැරදි ලෙස භාවිතා කළහොත් අනතුරුදායක විය හැකි බවයි.

එන්නතක් ව්‍යාජ හෝ කල් ඉකුත් වූ එකක් නොවන බව වෛද්‍යවරුන් සහ බලපත්‍රලාභී වෛද්‍ය සේවකයින් විසින් තහවුරු කළ යුතුයි .

එමෙන්ම රෝගීන්ගෙන් ඔවුන්ගේ වෛද්‍ය ඉතිහාසය ගැනද විමසිය යුතු අතර, එන්නත ලබා දීමෙන් පසු ඔවුන්ගේ ප්‍රතික්‍රියාව නිරීක්ෂණය කළ යුතු වනවා.

රූසෝ මහත්මිය කොවිඩ් එන්නත ලබා ගත්තේ කෙසේද යන්න හෝ එය කුමන වෙළඳ නාමයක්ද යන්න අපැහැදිලි බව පොලිසිය සඳහන් කරනවා.

දැනට, Pfizer එන්නත වයස අවුරුදු 18 ට අඩු ඇමරිකානුවන් සඳහා අවසර දී ඇති එකම එන්නත බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ

17 හැවිරිදි සිසුවෙකුට එන්නත් කළ


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42