160 වන පොලිස් සංවත්සරය වෙනුවෙන් වැඩකටයුතු රැසක්

1866 සැප්තැම්බර් මස 03 වන දින බ්‍රිතාන්‍ය පාලන සමයේ ව්‍යවස්ථාපිතව පිහිටුවන ලද ශ්‍රී ලංකා පොලිසිය 2026 සැප්තැම්බර් මස 03 වන දිනට වසර 160 ක් සපිරෙන අතර එම සංවත්සර සැමරුම පොලිස් ක්‍ෂේත්‍ර බලකා ක්‍රීඩාංගනයේ දී සැමරීමට පොලිස් මූලස්ථානය මගින් කටයුතු සැළසුම් කර තිබෙනවා.

පොලිස්පතිතුමාගේ මඟ පෙන්වීම අනුව මෙවර පොලිස් දින සැමරුම විවිධාංග රැසකින් සමන්විත අතර හෙට (28) වන දින සිට රූපවාහිනී, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා මහජන අවශ්‍යතාවයන් මගින් ලබා දෙනු ලබන පොලිස් සේවාවන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පොලිසිය සහ මහජනතාව අතර සමීප සම්බන්ධතාවයක් වර්ධනය කිරීමට කටයුතු ආරම්භ කර ඇති බව පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

මෙවර පොලිස් දින සැමරුම මූලික කර ගෙන පොලිස් ක්‍ෂේත්‍ර බලකා මූලස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මහජනතාවගේ දෛනික කටයුතු වලදී අවශ්‍ය වන නීතිමය දැනුම ඇතුළු සේවාවන් ප්‍රවර්ධනය කිරීම සඳහා වූ මහජන ප්‍රදර්ශනයක් කාබන .04, 05 සහ 06 වන දිනයන්හි උදෑසන 09.00 සිට රාත්‍රී 07.00 දක්වා මහජනතාව වෙත විවෘතව තැබීමට සැලසුම් කර ඇති අතර පොලිසියේ ක්‍රියාත්මක විවිධ කොට්ඨාසයන් මඟින් මහජනතාව වෙත සැලසෙන සේවාවාන් සම්බන්ධ දැනුවත් කිරීමේ ප්‍රදර්ශන කුටි වලින් මෙම ප්‍රදර්ශනය සමන්විත බවයි පොලිසිය පවසන්නේ.

තවද ළමුන්ගේ සහ තරුණ ප්‍රජාවගේ විනෝදාස්වාදය සඳහා මාධ්‍ය කව, යතුරු පැදි සංදර්ශන, පැරෂුට් සංදර්ශන, තුරඟ සංදර්ශන, නිල සුනඛ සංදර්ශන ඇතුළු විවිධ විනෝදාංශයන්ගෙන් සමන්විත වනවා.

160 වන පොලිස් සංවත්සරයෙහි ලබන 04, 05 සහ 06 යන දිනයන්හි රාත්‍රී 07.00 සිට රාත්‍රී 11.00 දක්වා සංගීත ප්‍රසංගයන් ද පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇති අතර පොලිස් දින සැමරුමට සමගාමීව දිවයිනේ ස්ථාපිත සෑම පොලිස් කොට්ඨාසයන් සහ පොලිස් ස්ථාන මඟින් විවිධ ප්‍රජා වැඩසටහන් ද සංවිධානය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
ශිරන්තිගේ ඇසේ සැත්කමක් කරන්න තියෙනවා - බෙහෙත් ගත්තු ගමන් ආපහු එයි
02:25
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ආයතනය ලංකාවේ ආර්ථිකයට ලොකු ශක්තියක් ලබා දෙනවා - මම අගය කරනවා
01:40
Video thumbnail
තිලීපන්ගේ පිළිරූව අයින් කළාට පස්සේ වුණ දේ..
01:25
Video thumbnail
හිමිනමක් මාලිමා වේදිකාවේ සැරටම කිව්ව දේ - පිරිසිදු හිත් ඇතිවෙන ජනතාව නිර්මාණය වෙනවා
08:32
Video thumbnail
159ම ලස්සන වෙලා, පොහොසත් වෙලා
09:18
Video thumbnail
තිලීපන්ගේ පිළිමය අරගෙන ගියාම ප්‍රශ්නය ඉවරද ?එදා ආණ්ඩුවේ අයත් තිලීපන් සැමරුමේ හිටියා ?
02:20
Video thumbnail
75 හැවිරිදි සිව්දරු පියාට අත්වූ ඛේදනීය ඉරණම - වැව් ඉස්මත්තේ තියෙනවා අලින්ට ඉන්න බෝඩිමක්
03:15
Video thumbnail
නාමල්ව ආරක්ෂා කරන්න රටේ මිනිස්සු එකතුවෙනවා
03:21
Video thumbnail
ගලිගමුවට ගිය සජිත්ට ලැබුණු ආදරණීය පිළිගැනීම
01:50