16 වන ශුද්ධෝත්තම බෙනඩික්ට් පාප් වහන්සේ ස්වර්ගස්ත වෙයි

16 වන ශුද්ධෝත්තම බෙනඩික්ට් පාප් වහන්සේ ස්වර්ගස්ත වී තිබෙනවා.

ඒ වන විට උන්වහන්සේගේ වයස අවුරුදු 95ක්.

වතිකානයේ පිහිටි නිවසේදී හිටපු පාප් වහන්සේ අභාවප්‍රාප්ත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

උන්වහන්සේ ධුරයෙන් ඉවත් වී දශකයක පමණ කාලයක් ගතවී තිබෙනවා.

පැවති අසනීප තත්ත්වයන් හමුවේ බෙනඩික්ට් පාප් වහන්සේ ස්වර්ගස්ත වී ඇති බවයි පවුලේ සමීපතමයන් ප්‍රකාශ කළේ.

උන්වහන්සේ ඔහු වසර අටක පමණ පාප් වහන්සේ ධුරය හෙබවූ අතර, 2013 වසරේදී ඉල්ලා අස්වූයේ, 1415 වසරේදී දී XII ග්‍රෙගරි පාප් වහන්සේගෙන් පසුව ඉල්ලා අස් වූ පළමු පාප්වරයා බවට පත්වෙමින්.

බෙනඩික්ට් පාප් වහන්සේ සිය අවසන් කාලය ගත කළේ වතිකානයේ පිහිටි Mater Ecclesiae ආරාමයේ යි.

16 වන බෙනඩික්ට් පාප් වහන්සේ අද පෙරවරු 9.34 ට වතිකානයේ Mater Ecclesiae ආරාමයේදී අපවත් වූ බව කණගාටුවෙන් යුතුව දන්වා සිටින බව වතිකානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

හිටපු පාප් වහන්සේ කලක සිට රෝගාතුරව සිටියද, වයස්ගත වීම හේතුවෙන් උන්වහන්සේගේ රෝගී තත්ත්වය උත්සන්න වී තිබූ බවයි වාර්තා වන්නේ.

ජර්මනියේ ජෝසප් රැට්සිංගර් ලෙස උපත ලැබූ බෙනඩික්ට් පාප් වහන්සේ 2005 වසරේදී දී මෙතෙක් ඉතිහාසයේ තේරී පත් වූ වයස්ගතම පාප්වරයා ලෙසට ධුරයට පත්වන විට 78 වැනි වියේ පසුවුණා.

වතිකානය පැවසුවේ පාප් වහන්සේගේ දේහය අවසන් ගෞරවය සඳහා ජනවාරි 2 වනදා සිට ශාන්ත පීතර බැසිලිකාවේ තැන්පත් කරන බවයි.

බෙනඩික්ට් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු පිළිබඳ සැලසුම් ඉදිරි පැය කිහිපය තුළ ප්‍රකාශයට පත් කරන බව ද වතිකානය ප්‍රකාශ කර තිබෙනවා.

එංගලන්තයේ සහ වේල්සයේ කතෝලික පල්ලියේ ප්‍රධානී කාදිනල් වින්සන්ට් නිකල්ස් පැවසුවේ බෙනඩික්ට් පාප් වහන්සේ 20 වැනි සියවසේ ශ්‍රේෂ්ඨ දේවධර්මාචාර්යවරුන්ගෙන් කෙනෙකු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායකගෙන් ප්‍රබල හෙළිදරව්වක් - වතු ජනතාව වතු ඉඩම්වලින් පන්නනවා
11:38
Video thumbnail
උඹේ ජීවිතේ උඹ කරන අවසාන පෙරහැර මේක
01:27
Video thumbnail
චාමර සම්පත් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
12:44
Video thumbnail
මම KPI කතාකරන්නේ - උඹේ ජීවිතේ උඹ කරන අවසාන පෙරහැර මේක
01:50
Video thumbnail
කුරුමාණම අල්ලලා බස් රථ රියදුරුගේ බෑගය සොරාගත් අයුරු - මාර මිනිස්සු තමයි..
01:33
Video thumbnail
හෝමාගම කර්මාන්තපුරයේ ගින්නෙන් පස්දෙනෙකුගේ දිවි අහිමි වෙයි - මෙන්න නවතම දර්ශන
02:25
Video thumbnail
"මහින්දගේ රත්තරං පිළිමයක් හදන්න ඕනි"නාමල් කිලෝමීටරයක් දකින කෙනෙක් නෙවෙයි
16:57
Video thumbnail
🔴Breaking News
03:05
Video thumbnail
මම දේශපාලනයෙන් අයින් වෙන්නම් - සුජීව ජනපතිට අභියෝග කරයි
11:48
Video thumbnail
වේල්ස් කුමරි විදුහල අසළ මහ පාර මැද කරණම් ගැසූ කා‍ර් රථය - වේගය පාලනය කරගන්න බැරිව ගිහින්
00:44