spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

16 වන ශුද්ධෝත්තම බෙනඩික්ට් පාප් වහන්සේ ස්වර්ගස්ත වෙයි

16 වන ශුද්ධෝත්තම බෙනඩික්ට් පාප් වහන්සේ ස්වර්ගස්ත වී තිබෙනවා.

ඒ වන විට උන්වහන්සේගේ වයස අවුරුදු 95ක්.

වතිකානයේ පිහිටි නිවසේදී හිටපු පාප් වහන්සේ අභාවප්‍රාප්ත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

උන්වහන්සේ ධුරයෙන් ඉවත් වී දශකයක පමණ කාලයක් ගතවී තිබෙනවා.

පැවති අසනීප තත්ත්වයන් හමුවේ බෙනඩික්ට් පාප් වහන්සේ ස්වර්ගස්ත වී ඇති බවයි පවුලේ සමීපතමයන් ප්‍රකාශ කළේ.

උන්වහන්සේ ඔහු වසර අටක පමණ පාප් වහන්සේ ධුරය හෙබවූ අතර, 2013 වසරේදී ඉල්ලා අස්වූයේ, 1415 වසරේදී දී XII ග්‍රෙගරි පාප් වහන්සේගෙන් පසුව ඉල්ලා අස් වූ පළමු පාප්වරයා බවට පත්වෙමින්.

බෙනඩික්ට් පාප් වහන්සේ සිය අවසන් කාලය ගත කළේ වතිකානයේ පිහිටි Mater Ecclesiae ආරාමයේ යි.

16 වන බෙනඩික්ට් පාප් වහන්සේ අද පෙරවරු 9.34 ට වතිකානයේ Mater Ecclesiae ආරාමයේදී අපවත් වූ බව කණගාටුවෙන් යුතුව දන්වා සිටින බව වතිකානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

හිටපු පාප් වහන්සේ කලක සිට රෝගාතුරව සිටියද, වයස්ගත වීම හේතුවෙන් උන්වහන්සේගේ රෝගී තත්ත්වය උත්සන්න වී තිබූ බවයි වාර්තා වන්නේ.

ජර්මනියේ ජෝසප් රැට්සිංගර් ලෙස උපත ලැබූ බෙනඩික්ට් පාප් වහන්සේ 2005 වසරේදී දී මෙතෙක් ඉතිහාසයේ තේරී පත් වූ වයස්ගතම පාප්වරයා ලෙසට ධුරයට පත්වන විට 78 වැනි වියේ පසුවුණා.

වතිකානය පැවසුවේ පාප් වහන්සේගේ දේහය අවසන් ගෞරවය සඳහා ජනවාරි 2 වනදා සිට ශාන්ත පීතර බැසිලිකාවේ තැන්පත් කරන බවයි.

බෙනඩික්ට් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු පිළිබඳ සැලසුම් ඉදිරි පැය කිහිපය තුළ ප්‍රකාශයට පත් කරන බව ද වතිකානය ප්‍රකාශ කර තිබෙනවා.

එංගලන්තයේ සහ වේල්සයේ කතෝලික පල්ලියේ ප්‍රධානී කාදිනල් වින්සන්ට් නිකල්ස් පැවසුවේ බෙනඩික්ට් පාප් වහන්සේ 20 වැනි සියවසේ ශ්‍රේෂ්ඨ දේවධර්මාචාර්යවරුන්ගෙන් කෙනෙකු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?