158 වන පොලිස් දිනය අදට යෙදී තිබෙනවා.
අදට යෙදී තිබෙන පොලිස් දිනය වෙනුවෙන් සර්ව ආගමික වැඩසටහන් රැසක් සංවිධාන කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව සඳහන් කළේ.
ඊට අමතරව සමාජ සේවා කටයුතු වැඩසටහන් රැසක් ද ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වුණේ.
1866 වසරේ සැප්තැම්බර් මස 03 වනදා ශ්‍රී ලංකා පොලිසිය, දෙපාර්තමේන්තුවක් ලෙස ආරම්භ කරනු ලැබුවා.
මේ අතර නව ව්‍යවස්ථාපිත පොලිසියේ ප්‍රථම පොලිස්පති ලෙස ශ්‍රීමත් ජී.ඩබ්.ආර්. කැම්බල් මහතා වැඩ භාරගනු ලැබුවේ ද වර්ෂ 1866 සැප්තැම්බර් 03 වන දිනයි.














Congratulations and best wishes to our dear Police for services given to our country ! May God bless and protect all in our police, past and present!