15 හැවිරිදි පෙම්වතිය සමඟ දාහතේ පෙම්වතා අඹුසැමි ඇසුරක් පවත්වලා – පෙම්වතා අත්අඩංගුවට

වයස අවුරුදු 15ක බාල වයස්කාර දැරියක් දූෂණය කළ බව කියන 17 හැවිරිදි තරුණයෙක් ඊයේ (24) දිනයේ අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු මදුරන්කුලිය, ජයසිරිගම ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි වාර්තා වන්නේ.

දූෂණයට ලක්ව ඇති බව කියන පාසල් සිසුවිය පසුගිය ඔක්තොම්බර් 10 වනදා සිය පෙම්වතා බව කියන සැකකරු සමඟ වනාතවිල්ලුව ප්‍රදේශයේ ලැඟුම්හලකට ගොස් එහිදී ඔවුන් දෙදෙනා අඹුසැමි ඇසුරක් පවත්වා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් දැරියගේ මව තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර, ඉන් අනතුරුව මෙම සිද්ධිය සම්බන්ධයන් කල්පිටිය පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

එහිදී දැරිය පොලිසියට ලබාදුන් ප්‍රකාශයට අනුව සැකකාර පෙම්වතා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව පොලීසිය සඳහන් කළා.

අත්අඩංගුවට ගැනුණු සැකකාර තරුණයා අද (25) දිනයේ පුත්තලම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08