15 හැවිරිදි දැරියට ගුරුවරයා කල නුහුලන අපරාධය

අසැබි වීඩියෝ දර්ශන පෙන්වා 15 හැවිරිදි බාලවයස්කාර පාසල් සිසුවියකට අතවර සිදු කරන ලද බව කියන පාසල් ගුරුවරයකු ලබන 11 දක්වා රිමාන්ඞ් බන්ධානාගර ගතකිරීමට ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය නියෝග කළා.

මෙසේ රිමාන්ඞ් බන්ධනාගාර ගතකරනු ලැබුවේ 50 හැවිරිදි ගුරුවරයෙක්.

සැකකාර ගුරුවරයා ප්‍රදේශයේ උපකාරක පංතියක්ද පවත්වා ගෙන යනු ලබන අතර දැරිය ඉකුත් පෙබරවාරි මාසයේ පළමුවරට එම උපකාරක පංතියට ගිය විට කිසිවකු නොමැති අවස්ථාවේ ඇය ළඟට පැමිණ ජංගම දුරකතනයෙන් අසැබි දර්ශන පෙන්වා ඒවා බලන ලෙස පවසා තිබෙනවා. පසුව තවත් දවසක සැකකරු විභාගයේ ප්‍රශ්න පත්‍ර ලබාදෙන පවසා නැවතත් අසැබි දර්ශන පෙන්වා ඇය හැඳ සිටි හැට්ටයේ බොත්තම් ගැළවීමට උත්සාහ කළ අවස්ථාවේ දැරිය එයට විරෝධය පළකර තිබෙනවා. පසුව සැකකරු සිද්ධිය කිසිවකුටත් නොකියන ලෙස තර්ජනය කර ඇති බවත් සඳහන්.

මේ අතර තවත් දිනක ඇයගේ බෙල්ලෙන් අල්ලා බිත්තියට හේත්තු කර කුඩා පිහියක් පෙන්වා සිද්ධිය කිසිවකුටත් නොකියන ලෙසට තර්ජනය කිරීම හේතුවෙන් ඇතිවූ බිය නිසා ඇය කිසිවකුටත් පවසා නැහැ. මෙම බියවැද්දීම් දිගින් දිගටම ඉවසාගත නොහැකිවූ තැන ඇය මවට මේ පිළිබඳ පැවසීමෙන් අනතුරුව පොලිසියට පැමිණිළි කර තිබෙනවා. ඒ අනුව අක්මීමන පොලිසියේ ස්ථානාධිපති පො.ප. මධුරංග මහතා ඇතුලූ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියන් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි හිරේ යන්න බය නෑ..රස්තියාදුකාරයෝ අපිට වැඩක් නෑ..පොළොන්නරුවේ ටී.බී. සරත්ට සැරටම දෙසයි
06:04
Video thumbnail
රනිල් - සජිත් එකතුවීම ගැන අහද්දි රාජිත කුපිත වෙයි..තනි නායකයෙකුට ඕනි විදියට වැඩ වෙන්නේ නෑ
06:30
Video thumbnail
මේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි හොල්ලන්න හිතන්නවත් දෙන්නේ නෑ..විපක්ෂයට පෙරළන්නද අපි ආණ්ඩු හැදුවේ
05:46
Video thumbnail
ජනපති රැළියේ කිව්ව කතාවට රාජිතට යකා නගියි..මේවට තමයි Banana Republics කියන්නේ
09:44
Video thumbnail
යුවළකට සත්තම දාපු ඇල්දෙනියේ හෙල්මට් දෝණි
00:46
Video thumbnail
දිලිත් ඇවිත් මැයි රැළිය ගැන ගැම්මට කිව්ව කතාව..අපි පැය 24ක කාලයකදී මැයි රැළිය සංවිධානය කළේ..
02:32
Video thumbnail
මේ බස් දෙක රේස් ආවා..කැලේට ඇල්ලුවේ නැත්තම් මගේ දරු පැටව් දෙන්නා නෑ
01:31
Video thumbnail
ගෑස් නිධි අපේ සයුරු සම්පතේ තියෙද්දි ඇයි රට ශක්තිමත් නොකරන්නේ..විරුද්ධ වෙන කට්ටියක් ඉන්නවා
06:28
Video thumbnail
විමල්ගෙන් රංග ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..දෙන්න තියෙන උපරිම මානසික පීඩනයක් දීලා..?
05:23
Video thumbnail
කුලී රථයක ඇවිත් යුවළකට සත්තම දාපු ඇල්දෙනියේ හෙල්මට් දෝණි..කොහොමද හපන්කම්
01:09