15 හැවිරිදි දැරියක් පැහැරගෙන ගිය 17 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට

15 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් යාපනය ප්‍රදේශයේ නිවසක රඳවා සිටි 17 හැවිරිදි තරුණයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වට්ටුක්කෝට්ටෙයි පොලිස් වසමේ තෝල්පුරම් ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි දැරියක් පෙරේදා (18) දිනයේ අතුරුදන්ව ඇති බවට වට්ටුක්කෝට්ටෙයි පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබුණා.

අදාළ දැරිය එම ප්‍රදේශයේ 17 හැවිරිදි තරුණයෙකු පැහැරගෙන ගොස් නිවසේ රඳවාගෙන සිටින බවටයි පසුව පොලිසියට තොරතුරක් ලැබී ඇත්තේ.

පසුව පොලිස් නිලධාරීන් විසින් එහි ගොස් දැරිය බේරාගෙන ඇති අතර, 17 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

පොලිසිය විසින් දැරිය වෛද්‍ය පරීක්‍ෂණය සඳහා යාපනය ශික්‍ෂණ රෝහල වෙත යොමුකර ඇති අතර, තරුණයා වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් ස්ථානයේ රඳවාගෙන සිටිනවා.