මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාවක් අද

පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ රිට් පෙත්සම වැඩිදුර සලකා බැලීම මැයි මස 11 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (23) තීරණය කළා.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් අද (24) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ, අනුව එම කොමිසම අද (24) පෙරවරු 10.30ට රැස්වීමට නියමිත බවයි වාර්තා වුණේ.

මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පවතින අධිකරණ ක්‍රියාවලිය, ඒ සඳහා පවතින රාජ්‍ය ආයතනවල දායකත්වය ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් අද දිනයේ සාකච්ඡා කිරීමට නියමිත බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
2
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?