13 හැවිරිදි සිසුවිය 32 හැවිරිදි පෙම්වතා සමඟ පෙම් සුව විඳින්න කැලෑ වැදිලා

පුත්තලම – වීරපුර ප්‍රදේශයේ කැලෑවක් තුළ පෙම් සුව විදිමින් සිටි වයස අවුරුදු 13ක පාසල් සිසුවියක් සහ 32 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සාලියවැව පොලීසිය සඳහන් කරනවා.

මෙම පුද්ගලයා සහ පාසල් සිසුවිය ඊයේ (16) සවස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

පාසල් නිල ඇඳුමෙන් සැරසුණු දැරියක් පිරිමි පුද්ගලයෙකු සමඟ කැලෑවේ සිටින බවට ලැබුණු තොරතුරක් අනුව සිදුකරන ලද පරීක්ෂණයක දී මොවුන් දෙදෙනාව අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු ගිරිබාව – සෝලේවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හදුනාගෙන ඇති අතර, පාසල් සිසුවිය රාජංගනය ප්‍රදේශයේ ජාතික පාසලක 07 වන වසරේ ඉගෙනුම ලබන බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකරු සහ පාසල් සිසුවිය අතර කාලයක පටන් ප්‍රේම සම්බන්ධතාවයක් තිබී ඇති බවත්, පාසල නිම වීමෙන් පසුව ඇය පෙම්වතා සමඟ කැලෑවට පැමිණ ඇති බව ද විමර්ශණවලදී හෙළිව තිබෙනවා.

පාසල් සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.

සැකකරු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04