ලූලා ද සිල්වා යළිත් බ්‍රසීල ජනපති තනතුරේ

ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා බ්‍රසීලයේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.

ලූලා ද සිල්වා බ්‍රසීලයේ ජනාධිපති තනතුර සඳහා පත් වූ තුන්වන අවස්ථාව මෙය වනවා.

වාමාංශික දේශපාලනඥයෙකු වන ලූලා ද සිල්වා 2003 සහ 2010 අතර බ්‍රසීලය පාලනය කරනු ලැබුවා.

පසුගිය ඔක්තෝබර් මාසයේ පැවති ඡන්ද විමසීමේ දී ජායිර් බොල්සොනාරෝ පරාජය කරමින් ලූලා ද සිල්වා ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ අතර, එහිදී ඔහු 50.9% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා.

මේ අතර බ්‍රසීලයේ නව ජනාධිපතිවරයාගේ දිවුරුම්දීම මග හැරීමේ අරමුණින් හිටපු ජනාධිපති බොල්සොනාරෝ පසුගිය සිකුරාදා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

දිවුරුම් දීමෙන් පසු ලූලා බ්‍රසීලයේ ජනතාව තුළ බලාපොරොත්තුවේ හැඟීමක් ඇති කිරීමට උත්සාහ කළ අතර, ජාතිය නැවත ගොඩනඟා සියල්ලන්ටම එක් බ්‍රසීලයක් බවට පත් කිරීමට පොරොන්දුවන බව ජාතිය අමතමින් ප්‍රකාශ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔක්සිජන් කන්නද කිව්ව සමාජයක් තිබුණේ - වැවක් පේන්න බෑ දේශපාලකයෝ හෝටල් ගහනවා
04:47
Video thumbnail
මේ ආණ්ඩුව නාමල්ට හොඳටම බයවෙලා ඉන්නේ
01:37
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29
Video thumbnail
වගුරු බිමක කසිප්පු පෙරමින් සිටි පුද්ගලයෙක් පොලිසියට කොටුවෙයි
01:29
Video thumbnail
හරි ලස්සනට අහස් යාත්‍රාවලින් බොරු දෙකක් හැදුවා..නාමල් මේකෙනුත් නිර්දෝෂි වෙනවා
01:43
Video thumbnail
නාමල්ගේ ආරක්ෂාවට තර්ජනයක් - පොහොට්ටුවෙන් පැමිණිල්ලක්..නාමල් එන බසයේ Photo සමාජ මාධ්‍යයේ දානවා
04:43
Video thumbnail
හරිත පත්‍රිකාව දේශපාලන පක්ෂ සියල්ලටම ලබා දීලා තියෙන්නේ
02:30
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:51