119 අවභාවිතා කළොත් දැඩි දඬුවම්

පොලිස් හදිසි ඇමතුම් අංශය (119) වෙත අසත්‍ය සහ සාවද්‍ය තොරතුරු ලබාදෙන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය අවධාරණය කරනවා.

එවැනි වරදකට වරදකරු වන පුද්ගලයෙකුට මාස 6ක් දක්වා කාලයක බන්ධනාගාර ගත කිරීමක් හෝ දඩයක් හෝ එම දඩුවම් දෙකෙන්ම දඩුවම් කළ යුතු බවට නීතිමය ප්‍රතිපාදන පවතින බවටයි පොලිසිය දැනුම් දෙන්නේ.

නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සඳහන් කළේ හදිසි ඇමතුම් අංශයට දිනකට පණිවුඩ 3000ත් 3500ත් අතර ප්‍රමාණයක් ලැබෙන බවටයි.

එලෙස දෛනිකව ලැබෙන පණිවුඩ විශ්ලේෂණය කිරීමේදී නිරීක්ෂණය වී ඇත්තේ 119 දුරකථන අංකය අවභාවිතා කරමින් මහජනතාව විසින් අසත්‍ය තොරතුරු ඇතුලත් පණිවුඩ ලබාදීමට කටයුතු කරන බවටයි.

ඒ හේතුවෙන් ඉතා වැදගත් මෙන්ම කඩිනමින් ක්‍රියාත්මක විය යුතු දුරකථන පණිවුඩ සඳහා ක්‍රියාත්මක වීමේදී යම් බාධාවක් ප්‍රමාදයක් සිදුවිය හැකි බව පොලිසිය පෙන්වා දෙනවා.

එබැවින් මෙම අංකය අවභාවිතයට නොගෙන ප්‍රමුඛතාවය සහ ඉතා අවශ්‍ය වූ තොරතුරු ලබාදී කඩිනමින් ක්‍රියාත්මක විය යුතු සිදුවීම් පිළිබඳ පමණක් දැනුවත් කිරීමට මෙම අංකය භාවිත කරන ලෙසටයි පොලිසිය ජනතාවට දැනුම් දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා - "නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22