spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

11 හැවිරිදි දියණිය ද නසා අඹුසැමි යුවළක් නිවාඩු නිකේතනයක් තුළ දිවි නසාගනී

නිවාඩු නිකේතනයක් තුළ දී අඹුසැමි යුවළක් සිය 11 හැවිරිදි දියණිය ඝාතනය කර ඔවුන් ද සියදිවි නසාගත් පුවතක් ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ කොඩගු ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙම අඹුසැමි යුවළ දැඩි මූල්‍ය දුෂ්කරතාවයකට මුහුණ දී සිට ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

සිය 11 හැවිරිදි දියණිය ඝාතනය කර මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ විනෝද් නැමැති 43 හැවිරිදි වියේ පසුවූ සැමියා සහ ඔහුගේ සුබි ඒබ්‍රහම් නැමැති 37 හැවිරිදි බිරිඳ බවයි තොරතුරු වාර්තා වුණේ.

මොවුන් කේරළයේ කොට්ටායම් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, මෙම පවුල සංචාරකයින් අතර ජනප්‍රිය වනාන්තර සහ කඳුකර ප්‍රදේශයක් වන කොඩගු ප්‍රදේශයේ පිහිටි නිවාඩු නිකේතනයට පසුගිය සිකුරාදා මෝටර් රථයකින් පැමිණ ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

නිවාඩු නිකේතනයේ කළමනාකරු පැවසුවේ මොවුන්ගේ මළ සිරුරු ඊයේ (09) දිනයේ මෙලෙස සොයා ගැනීමට හැකි වූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
13
+1
4
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?