11 හැවිරිදි දියණිය ද නසා අඹුසැමි යුවළක් නිවාඩු නිකේතනයක් තුළ දිවි නසාගනී

නිවාඩු නිකේතනයක් තුළ දී අඹුසැමි යුවළක් සිය 11 හැවිරිදි දියණිය ඝාතනය කර ඔවුන් ද සියදිවි නසාගත් පුවතක් ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ කොඩගු ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙම අඹුසැමි යුවළ දැඩි මූල්‍ය දුෂ්කරතාවයකට මුහුණ දී සිට ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

සිය 11 හැවිරිදි දියණිය ඝාතනය කර මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ විනෝද් නැමැති 43 හැවිරිදි වියේ පසුවූ සැමියා සහ ඔහුගේ සුබි ඒබ්‍රහම් නැමැති 37 හැවිරිදි බිරිඳ බවයි තොරතුරු වාර්තා වුණේ.

මොවුන් කේරළයේ කොට්ටායම් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, මෙම පවුල සංචාරකයින් අතර ජනප්‍රිය වනාන්තර සහ කඳුකර ප්‍රදේශයක් වන කොඩගු ප්‍රදේශයේ පිහිටි නිවාඩු නිකේතනයට පසුගිය සිකුරාදා මෝටර් රථයකින් පැමිණ ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

නිවාඩු නිකේතනයේ කළමනාකරු පැවසුවේ මොවුන්ගේ මළ සිරුරු ඊයේ (09) දිනයේ මෙලෙස සොයා ගැනීමට හැකි වූ බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14