11 හැවිරිදි දැරියක් දූෂණය කිරීමේ වරදට චූදිතයාට 60 වසරක සිර දඬුවමක්

වයස අවුරුදු 11ක් වන දැරියක් දූෂණය කිරීමේ වරදට චූදිතයෙකුට වසර 60ක බරපතළ වැඩ සහිත ව සිර දඬුවම් නියම කිරීමට මහනුවර මහාධිකරණය නියෝග කර තිබෙනවා.

පාසල් සිසුවියක් දූෂණය කර ඇය ගැබ් ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ විත්තිකරුට චෝදනා තුනක් යටතේ නඩු පැවරී තිබුණු අතර; ඔහු උසාවිය හමුවේ වරදකරු බවට තීරණය කෙරුණා.

ඒ අනුව මහනුවර මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.දර්ශිකා විමලසිරි මහත්මිය විසිනුයි අදාළ සැකකරු හට මෙම දඬුවම ලබාදෙනු ලැබුවේ.

විත්තිකාර පාර්ශ්වය පරණපට්ටිය, ජම්බුගහපිටිය වත්තේ කන්දසාමි වේලු ක්‍රිෂ්ණන් නමැත්තා බවත් ඔහු විසින් දැරිය දූෂණය කර ඇති බවත් හෙළි ව තිබෙනවා.

සැකකරු දැරියගේ සුළු පියා බවයි හෙළි ව ඇත්තේ.

විත්තිකරුට එක් චෝදනාවක් යටතේ රුපියල් 10,000 බැගින් දඩ නියම කළ අතර රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙසට ද නියම කෙරුණා.

දඩය නොගෙවන්නේ නම් තවත් වසරක සිර දඬුවමක් සහ වන්දි ගෙවීම පැහැර හරින්නේ නම් වසර දෙකක බරපතළ වැඩ සහිත ව සිරදඬුවම් නියම කිරීමටයි මහනුවර මහාධිකරණය නියෝග කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39