100කට වැඩි පිරිසක් සමග නෞකාවක් පෙරළෙයි

තායිලන්ත මුහුදු සීමාවේදී කාර්ය මණ්ඩල සාමාජිකයන් 100කට වැඩි පිරිසක් සමග නෞකාවක් පෙරලී ගොස් තිබෙනවා.

ඊයේ රාත්‍රියේ තායිලන්ත බොක්ක මුහුදු ප්‍රදේශයේ හටගත් දැඩි කුණාටුවක් හමුවේ නෞකාව අනතුරට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

නෞකාවේ සිටි නැවියන් 100කට වැඩි පිරිසක් බේරා ගැනීමේ මෙහෙයුම් මේවන විට ආරම්භ වී තිබෙනවා.

විශාල පිරිසක් මේවන විට බේරාගෙන ඇති අතර තවත් 28 දෙනෙකු අතුරුදන්ව ඇති බව සඳහන්.

කෙසේවෙතත් මෙම අනතුරින් කිසිදු මරණයක් වාර්තාවී නොමැති අතර අනතුරට ලක්වූවන් පිරිසකගේ තත්වය බරපතල බවයි තායිලන්ත මාධ්‍ය වාර්තා කරන්නේ.

ප්‍රචුවාප් කිරී ඛාන් පළාතේ බංග් සෆාන් දිස්ත්‍රික්කයේ වෙරළට කිලෝමීටර් 32ක් (සැතපුම් 20ක්) ඔබ්බෙන් වූ මුහුදේ මුර සංචාරයේ යෙදී සිටි නෞකාව ඉරිදා කුණාටුවට හසුව තිබෙනවා.

සහය සඳහා නාවික නෞකා තුනක් සහ හෙලිකොප්ටර් යානා යවා ඇතත් ගිලී යාමට පෙර යාත්‍රාව වෙත ළඟා වූයේ එක් නෞකාවක් පමණයි.

නෞකාවේ සිටි නාවිකයින් 106 දෙනාගෙන් 78 දෙනෙකු බේරා ගැනීමට මෙම නෞකාව සමත් වූ බව නාවික හමුදාව දසඳහන් කළා.

සෙසු සෙබළුන් 28 දෙනා තවමත් ගොඩ ගනිමින් සිටින අතර, ඉන් තිදෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි තායිලන්ත නාවික හමුදාව පවසන්නේ.

සියලු කාර්ය මණ්ඩලය සොයා ගැනීම සඳහා රාත්‍රිය පුරා සෝදිසි කිරීම් සිදු කළ බව බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51