10 හැවිරිදි දරුවාගේ මරණයට මව, පියා ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

බඩල්ගම පොලිස් වසමේ ආඬිමුල්ල ප්‍රදේශයේ නිවසකින් සැක කටයුතු දුර්ගන්ධයක් ඇති වන බවට ලැබුණු තොරතුරක් මත පොලිස් විමර්ශනයක් ක්‍රියාත්මක වී තිබෙනවා. ඒ ඊයේ (09) දිනයේ දි.

එහි දී අදාළ නිවසේ කාමරයක ඇඳක් මත මියගොස් සිටි වයස අවුරුදු 10ක පමණ පිරිමි දරුවෙකුගේ මළසිරුරක් හමු වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව සඳහන් කර සිටියේ.

මෙම දරුවා පසුගිය පෙබරවාරි මස 07 වෙනිදා උගුරේ සෙම සිරවීම ආශ්‍රිත රෝගී තත්ත්වයකින් පෙළී තිබෙන අතර, දරුවාගේ දෙමව්පියන් විසින් ඔහු අ කිසිදු වෛද්‍ය ප්‍රතිකාරයක් සඳහා යොමු නොකර ඇති බවයි විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

දෙමව්පියන් විසින් දරුවා ව කාමරයක තබා රෝගය සුව වන තුරු ආගමික යාඤාවක් සිදු කර ඇති අතර, එම යාඤාව අතර තුර දරුවා මිය ගොස් තිබෙනවා.
ඉන් පසු ද නැවත දරුවාගේ ප්‍රාණය එන තුරු ඔවුන් අදාළ ආගමික යාඤාව සිදු කර ඇති අතර, කිසිදු අවස්ථාවක දරුවා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර නෑ.

දරුවාගේ මවත් පියාත් හා මිත්තනියත් යන තිදෙනා ම මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිදුවීම සම්බන්ධව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය කරුණු වාර්තා කර ඇති අතර මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.

වැඩිදුර විමර්ශන කටයුතු බඩල්ගම පොලිසිය විසින් සිදුකරනු ලැබ තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මි#යගිය C.D. වික්‍රමරත්න ගැන මනෝජ්ගෙන් සැර කතාවක් - එතුමා ගොවියෙක්ගේ පුතෙක්..අපි දන්නවා එයා ගැන
06:36
Video thumbnail
හිටපු පොලිස්පතිගේ නිවසට වර්තමාන පොලිස්පති පැමිණෙයි
01:08
Video thumbnail
සුරතල් සතුන් ළඟට ගිහින් සුරතල් කරපු අගමැති හරිනි
01:39
Video thumbnail
සොඳුරු මිතුදමින් එළියට ආ හිත පාරවන කඳුළු කතාව
00:36
Video thumbnail
සොඳුරු මිතුදමින් එළියට ආ හිත පාරවන කඳුළු කතාව - අපි කරක් ග#හපු පාරේ අද තනියම ඩෙන්සිලා
00:58
Video thumbnail
ෆේස්බුක් ලයිව් ඇවිත් එළොව ගිය තරුණයාගේ අවසන් කටයුතු - "අනේ මගේ රත්තරං පුතා ඇයි මාව දාලා ගියේ ?"
03:08
Video thumbnail
මෙහෙම යද්දි අපිටත් ඉල්ලා අස් වෙන්න වෙයි - බඳිනකොට ඩිවෝස් වෙන්නත් පුළුවන්නේ
02:50
Video thumbnail
විපක්ෂය බලනකොටම පේන්නේ ජෝකර්නේ - කිසි කෙනෙක් සජිත් ළඟ ඉන්න කැමති නෑ
04:25
Video thumbnail
මොන අගමැතිකම් දැරුවත් ගෙදර ගියාම එයාලගේ සේවකයෙක් - අපි පූසන්ගේ අයිතිකාරයෝ නෙවෙයි
05:48
Video thumbnail
"හිටපු පොලිස්පති CD ට අත්වුණු ඉරණම ගැන අසල්වැසියෙක් සංවේදීව හෙලි කරයි"
00:31