spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

09 වන පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය හෙට ඇරඹේ

09 වන පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය හෙට (07) ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමියි.

මෙවර පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවය ඉතා අඩු වියදමෙන් සරල සහ චාම් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වනවා.

මේ අතර හෙට (06) පෙරවරු 10.30ට ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද නියමිතව තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලබන ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය ලබන 08 සහ 09 යන දෙදින තුළ පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජනවාරි මස 26 වන දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීම නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?