spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

09 වනදා බේරේ වැව අසලදී පහර කෑ අයෙක් ජීවිතක්ෂයට

පසුගිය 09 වනදා සිදු වූ කලහකාරී සිද්ධීන්වල දී පහරකෑමට ලක්ව රෝහල් ගතකර සිටි පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

පොලීසිය ප්‍රකාශ කළේ කොල්ලුපිටිය පෙරහර මාවත සහ බේරේ වැව අතර පදික වේදිකාවේදී පහරකෑමට ලක්වූ පිරිසක් අතර සිටි 47 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි.

ඔහු ගලහිටියාව – කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර පහරකෑමට ලක්වීමෙන් පසු ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

හිසට හා පපුවට සිදුවූ තුවාල හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවටයි පශ්චාත් මරණ පරීක්ෂණයේදි අනාවරණ වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
30
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?