09 දෙනෙකු ගමන් ගත් ත්‍රිරෝද රථයක් අනතුරකට ලක්ව තිදෙනෙක් මරුට

පුද්ගලයින් 09 දෙනෙකු ගමන් ගත් ත්‍රිරෝද රථයක් ගසක ගැටීමෙන් සිදුවූ අනතුරකින් එහි ගමන්ගත් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

වැල්ලවාය ප්‍රදේශයේ දී සිදුවූ මෙම අනතුරෙන් මියගිය අය අතර 06 හැවිරිදි කුඩා දරුවෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.