spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

05 වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කිරීම ගැන නිවේදනයක්

2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (12) රාත්‍රියේ දී නිකුත් කිරීමට සූදානම් වන ලෙස සිය නිලධාරින්ට උපදෙස් දුන් බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

ඒ අනුව එම ප්‍රතිඵල අද රාත්‍රියේ දී නිකුත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

2021 පහ වසර ශිෂ්‍යත්ව විභාගය පසුගිය ජනවාරි මස 22 වැනි සෙනසුරාදා පැවැත්වුණා.

ශිෂ්‍යත්ව විභාගය සඳහා සිංහල මාධ්‍යයෙන් දරුවන් 255,062ක්, දෙමළ මාධ්‍යයෙන් 85,446ක් පෙනී සිටි අතර සමස්ත සංඛ්‍යාව 340,508ක්.

විභාග මධ්‍යථාන 2943ක පැවැත්වුණු මෙවර ශිෂ්‍යත්ව විභාගය කොවිඩ් -19 ආසාදිත දූ දරුවන් වෙනුවෙන් විශේෂ විභාග මධ්‍යස්ථාන 108ක් ක්‍රියාත්මක කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
59
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?