ෆොන්සේකාට එරෙහිව සජිත් කළ ඉල්ලීම අධිකරණයෙන් විසි වෙයි

ෆිල්ම් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගය තුළ දරන තනතුරුවලින් ඒ මහතා ඉවත් කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය විසුරුවා හරින ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් කළ ඉල්ලීමක් කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ අනුව අදාළ වාරණ නියෝගය අප්‍රේල් මස 02 වනදා දක්වා දීර්ඝ කිරීමටත් අධිකරණය නියම කළා.

සරත් ෆොන්සේකා මහතා විසින් ගොනුගල පැමිණිල්ලක් සලකා බැලූ කොළඹ දිසා අධිකරණය ඉකුත්දා මෙම වාරණ නියෝගය නිකුත් කළා.

එම වාරණ නියෝගය නිකුත් කර තිබෙන ආකාරය දෝෂ සහිත බවත් එබැවින් එය ඉවත් කරන ලෙසත් ඉල්ලා අදාල පැමිණිල්ලේ වග උත්තරකරුවන් වශයෙන් නම්කර සිටින සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පිරිසක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුව කරුණු දක්වා සිටියා.

එහෙත් සරත් ෆොන්සේකා මාතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කියා සිටියේ අදාළ වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කරන ලෙසයි.

ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46