ෆොන්සේකාගේ වාරණ නියෝගයට විරෝධතා

සමගි ජන බලවේගයේ සභාපති ෆිලඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ පක්ෂ සාමාජිකත්වය, ඔහු දරණ තනතුරු අත්හිටුවීම සහ විනය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් නිකුත් කළ වාරණ නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා විරෝධතා ඉදිරිපත් කරන බව වග උත්තරකාර සමගි ජන බලවේගය අද (04) කොළඹ දිසා අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

සරත් ෆොන්සේකා ගොනු කළ පෙත්සමක් අද කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මෙම විරෝධතා මතු කළා.

ඒ, අනුව මෙම විරෝධතා පිළිබඳ විභාගය අද (04) පස්වරුවේ පැවැත්වීමට ද අධිකරණය විසින් නියම කරනු ලැබුවා.

සරත් ෆොන්සේකා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලූ කොළඹ දිසා අධිකරණය ඉකුත්දා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහ භාණ්ඩාගාරික හර්ෂ ද සිල්වා යන යවෙත මෙම වාරණ නියෝග නිකුත් කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14