spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ෆොන්සේකාගේ වාරණ නියෝගයට විරෝධතා

සමගි ජන බලවේගයේ සභාපති ෆිලඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ පක්ෂ සාමාජිකත්වය, ඔහු දරණ තනතුරු අත්හිටුවීම සහ විනය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් නිකුත් කළ වාරණ නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා විරෝධතා ඉදිරිපත් කරන බව වග උත්තරකාර සමගි ජන බලවේගය අද (04) කොළඹ දිසා අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

සරත් ෆොන්සේකා ගොනු කළ පෙත්සමක් අද කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මෙම විරෝධතා මතු කළා.

ඒ, අනුව මෙම විරෝධතා පිළිබඳ විභාගය අද (04) පස්වරුවේ පැවැත්වීමට ද අධිකරණය විසින් නියම කරනු ලැබුවා.

සරත් ෆොන්සේකා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලූ කොළඹ දිසා අධිකරණය ඉකුත්දා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහ භාණ්ඩාගාරික හර්ෂ ද සිල්වා යන යවෙත මෙම වාරණ නියෝග නිකුත් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
7
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?