ෆොටෝ කොපි, ප්‍රින්ට් අවුට් මිල ඉහළට

ඡායා පිටපතක (ෆොටෝ කොපි) මිල රුපියල් 5කින් ඉහළ නැංවීමට සිදුවන බව සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමියන්ගේ සංගමය පවසනවා.

විදුලිබිල, කඩදාසි හා යන්ත්‍ර අලුත් වැඩියා වියදම ආදිය ඉහළයාම හේතුවෙන් මෙම පියවර ගන්නා බවයි සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා අද පැවති මාධ්‍ය හමුවකදී කියාසිටියේ.

මෙම මිල වැඩි කිරීම අනුව ජාතික හැඳුනුම්පතක ඡායා පිටපතක් රුපියල් 10 සිට 15 දක්වාත්, ඒ 4 ප්‍රමාණයේ ඡායා පිටපතක් රුපියල් 15 සිට 20 දක්වාත් ඉහළ දමා ඇතැයි සභාපතිවරයා ප්‍රකාශ කළා.

එමෙන්ම මුද්‍රිත පිටපත් (ප්‍රින්ට්අවුට්) ලබාදීමේ ගාස්තු ද කළු සුදු පිටපතක් රුපියල් 5කිනුත්, වර්ණ පිටපතක් රුපියල් 10කිනුත් වශයෙන් මිල ඉහළ නංවන බවයි ඔහු කියාසිටියේ.

මෙලෙස ගාස්තු වැඩිකිරීමට එකම හේතුව විදුලිබිල වැඩිකිරීම නොවන අතර කඩදාසි, උපකරණ මිල මෙන්ම යන්ත්‍ර අලුත්වැඩියා වියදම ඇතුළු මිල ගණන් සියල්ල සැලකිල්ලට ගෙන මෙම පියවර ගැනීමට සිදුවූ බව ද සභාපතිවරයා සඳහන් කළා.

මෙම පියවර ගැනීම සම්බන්ධයෙන් පෙරපාසලේ සිට විශ්ව විද්‍යාල දක්වා අධ්‍යාපනය ලබන දරුවන්ගෙනුත්, ඔවුන්ගේ දෙමාපියන්ගෙනුත් සමාව ඉල්ලා සිටින අතර මෙම පියවරට එළඹුණේ කළ හැකි වෙනත් කිසිවක් නොමැති නිසා බව ද සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා කියා සිටියා.

https://www.youtube.com/watch?v=jPTxJg2WK7k


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56