ෆේස්බුක් හරහා දෙවියන්ට අපහාස කළ චෝදනාවට තරැණයෙකුට ප්‍රහාරයක්

දේව අපහාස චෝදනා මත අත්අඩංගුවට ගැණුනු 54 හැවිරිදි කිතුනු ජාතිකයෙකුට පකිස්තාන ෆෙඩරල් විමර්ශන ඒජන්සියේ (FIA) නිලධාරින් විසින් අමානුෂික ලෙස පහර දී පාපෝච්චාරණයක් කරන ලෙස බල කර ඇතැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබේ.

ෆන්සාන් සාහිඩ් නමැති කිතුණු ජාතිකයා මාර්තු 16 වන දා මධ්‍යම රාත්‍රියේ ඔහුගේ ලාහෝර් නිවස වටලා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු 2019 දී ෆේස්බුක් හි අපහාසාත්මක අදහසක් පළ කළ බවට චෝදනා කරමිනි.

ෆෙඩරල් ඒජන්සියේ නියෝජිතයන් ෆන්සාන් ෂාහිඩ්ගේ දුරකථනය, ඡායාරූපයක් සහ ඔහුගේ ජාතික හැඳුනුම්පත පැහැරගෙන ඔහුව ඔවුන්ගේ වාහනයට දමා ගත් බව බිරිඳ වන සෆියා සාහිඩ් මෝනින් ස්ටාර් ප්‍රවෘත්ති සේවයට පවසා තිබේ.

සාහිඩ්ගේ බිරිඳ වැඩිදුරටත් පවසා ඇත්තේ 2019 වසරේ දී නැතිවූ ඔහුගේ දුරකතනයට මුර පද භාවිත නොකිරීම හේතුවෙන් කිසිවකු ඔහුගේ ෆේස්බුක් ගිණුම වෙත ඇතුළු වී ඉස්ලාම් ධර්මයට අපහාස ප්‍රකාශයන් පළ කිරීම සඳහා එය යොදාගෙන ඇති බවයි.

ඇය බදාදා ගුජ්රන්වාලා හි ෆෙඩරල් විමර්ශන ඒජන්සියේ පසුවන තම ස්වාමිපුරුෂයා මුණ ගැසුණු විට චෝදනා කරන ලද අපරාධය පාපොච්චාරණය කිරීමට ඔවුන් ඔහුට වධ දුන් බව පැවසූ බව අනාවරණය කර තිබේ.

පකිස්තානය තුළ, බොහෝ විට පුද්ගලික පළිගැනීම් හෝ ආගමික වෛරය නිසා පොලඹවන ලද, අපහාස කිරීම පිළිබඳ අසත්‍ය චෝදනා බහුලව දක්නට ලැබෙන අතර ලොව පුරා අසරණ වූ කිතුනුවන් වෙනුවෙන් පෙනී සිටින Open Doors’ හි 2022 ලෝක නිරීක්ෂණ ලැයිස්තුවේ කිතුනුවකු වීමට වඩාත්ම දුෂ්කර රටවල් 50 න් පාකිස්තානය අටවැනි ස්ථානයට පත්ව ඇති බව දක්වා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.26
00:00
Video thumbnail
ට්‍රීට්මන්ට් ගන්න ආ කොල්ලා වීඩියෝ කළා කියලා SPA අක්කට යකා නගියි - මූ තියෙනවා කැමරාව මට තේරුණා
01:15
Video thumbnail
දයාසිරි කුපිත වී යකා නටයි - ඩෙංගුවලින් අද රට ඉවරෙටම ඉවරයි..ඇමතිත් නෑ නියෝජ්‍ය ඇමතිත් නෑ..
02:12
Video thumbnail
චරිත් සහ විජයදාසගේ පුතා ගැන ආනන්ද විජේපාල කට අරියි - අල්ලස් ගැනීම බරපතළ ක්‍රියාවක්
04:42
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට හොඳම එකෙන් කියද්දි දිලිත්ටත් හොඳටම හිනා - වටේ යන්නේ නෑ.. වටේ යන්න වෙනවා මේවට
06:17
Video thumbnail
අජිත් - හර්ෂණ පාර්ලිමේන්තුවේ ගැටෙයි - ඇයි මෙච්චර පරක්කු - මොකක්ද තියෙන ප්‍රගතිය
07:30
Video thumbnail
සජිත් උදෙන්ම පාර්ලිමේන්තුව දෙවනත් කරයි - බොරු කියන්න එපා මොනවද මේ..හොඳට කියවන්න
03:35
Video thumbnail
පොසොන් පොහොය නිමිත්තෙන් දෙන දන්සල්වලට නව නීති මාලාවක් - ෂොපින්, ප්ලාස්ටික් කෝප්ප තහනම් කරයි
05:03
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කිරීමේදී උණුසුම් තත්ත්වයක් - අම්මටහුඩු ඩෙංගු තවාන් දාලා වගේ..පැත්තටම ඇති මේක
14:24
Video thumbnail
මීට සුළු මොහොතකට පෙර සිදුවූ බිහිසුණු අනතුර මෙන්න - පෞද්ගලික බස් රථ 2ක් එකිනෙක ගැටී 12ක් රෝහලේ
00:33