ෆේස්බුක් සමාජ මාධ්‍යයේ අදත් අවුලක්

ෆේස්බුක් සමාජ මාධ්‍යයේ මේ වන විට ගැටළු කිහිපයක් පැන නැගීම හේතුවෙන් පරිශීලකයින් අපහසුතාවයකට පත්ව තිබෙනවා.

එම සමාජ මාධ්‍යයේ පරිශීලකයින් පවසන්නේ තම මිතුරන් නොපෙන්වීම, කවර් ෆොටෝ නොපෙන්වීම ඒ අතර වන බවයි.

කෙසේ වෙතත් සිදුවී ඇති දෝශය තවමත් අනාවරණය වී නොමැති අතර මේ වන තෙක් ඒ පිලිබදව කිසිදු නිල ප්‍රකාශයක් ෆේස්බුක් සමාගමේ මව් සමාගම වන මෙටා සමාගමෙන් නිකුත් කර නැහැ.