‘ෆෙන්ගල්’ සුළි කුණාටුව හෙට තමිල්නාඩුවට

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (29) පස්වරු 2.30 පමණ වනවිට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ත්‍රිකුණාමලයට කිලෝමීටර් 310ක් පමණ ඊසාන දෙසින් සහ කන්කසන්තුරය සිට කිලෝමීටර් 280ක් පමණ නැගෙනහිර දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

එය සුළි කුණාටුවක් ලෙස බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කර තමිල්නාඩු වෙරළ වෙත හෙට (30) දිනයේ ගමන් කිරීමේ වැඩි ඉඩක් පවතින බවයි කාලගුණ අංශය සඳහන් කර සිටියේ.

‘ෆෙන්ගල්’ ලෙස නම්කර ඇති මෙම සුළි කුණාටුව මඟින් දිවයිනේ කාලගුණ පද්ධතියට සිදුකරන බලපෑම අද (29) දිනයෙන් පසු ක්‍රමයෙන් අඩුවනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

කෙසේ වෙතත් දිවයිනේ උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත ඇතිවන අතර, උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.

ඊට අමතරව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මාතලේ සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බවයි දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රස්තවාදය පරාජය කිරීම නිසා ජේෂ්ඨ නිලධාරින්ට බටහිර රටවලට යන්න බෑ..මම විතරයි මිදිලා ඉන්නේ
03:05
Video thumbnail
රට බෙදන්න එන ඕනම කෙනෙක් අපි විනාශ කරනවා..හිටපු හමුදාපතිගෙන් දැඩි ප්‍රකාශයක්
04:00
Video thumbnail
"ප්‍රභා මගේ දෙයියෝ" කියන අයට නීතිය ක්‍රියාත්මක කරලා දඬුවම් දෙන්න..ඒකාලේ මේවට හිස ඔසවන්න දුන්නේ නෑ
03:35
Video thumbnail
"යුද්ධය කළේ අපෙන් අහලද ?" - ගෞරවයක් නැති මිනිස්සු ඉදලා හිටලා ලොකු තැන්වලට එනවා
04:50
Video thumbnail
හිටපු යුද හමුදාපති පළමු වරට මාධ්‍යයට කළ හෙළිදරව්ව..කොටි 12ස් වතාවක් නැවත නැගිටින්න හැදුවා
03:14
Video thumbnail
රණවිරුවාද? සෙබලාද ? - පෞර්ෂත්වයක් නැති අය දේශපාලන නායකයන් වීම ගැන කණගාටුයි
04:29
Video thumbnail
Praharaya| හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
01:05:40
Video thumbnail
පාස්කු සිද්ධිය ගැන හිටපු යුද හමුදාපති කට අරියි - ජෙනරල් සලේවත් ඇතුළට දාලා හේතුවක් නැතුව
02:51
Video thumbnail
රට ත්‍රස්තවාදයෙන් බේරගත්තත් ප්‍රශ්න ඇතිකරන පිරිස නැති කරගන්න බැරිවුණා..
03:48
Video thumbnail
කැබිනට් එක නොමඟ යැවීමක් - ට්‍රෙන්ඩරයක් ගැන අර්ජුනගෙන් ප්‍රබල හෙළිදරව්වක්
08:22