spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ෆින්ච් විස්සයි විස්ස පිටියත් හැර යයි

ඕස්ට්‍රේලියානු ප්‍රහාරාත්මක පිතිකරු ආරොන් ෆින්ච් විස්සයි විස්ස තරග රටාවෙනුත් විශ්‍රාම ගන්නා බව නිවේදනය කර තිබෙනවා.

ආරොන් ෆින්ච් සැලකෙන්නේ විස්සයි විස්ස තරග ආකෘතිය තුළ වැඩිම ලකුණු රැස්කළ ඕස්රේලියානු පිතිකරුවා ලෙසයි.

ෆින්ච් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 103ක් තුළ ලකුණු 3120ක් රැස්කරගෙන සිටින්නේ ශතක දෙකක් සහ අර්ධ ශතක 19ක් ද සමඟයි.

ඒ, අනුව ඔහු මේ වනවිට ජාත්‍යන්තර ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස ආකෘති තුනෙන්ම විශ්‍රාම ගෙන අවසන්.

මේ අතර 2021 වසරේදී නවසීලන්තය පරාජය කරමින් ඕස්ට්‍රේලියානුවන් සිය පළමු විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කළේ ආරොන් ෆින්ච්ගේ නායකත්වය යටතේ වීමද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?