ෆිච් රේටින් අනතුරු ඇඟවීම ගැන ආර්ථික විද්‍යාත්මක පසු විපරම…

මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාව කළයුතු වන්නේ ෆිච් රේටින්ස් ආයතය විසින් කළ ශ්‍රේණිගත කිරීම් පිළිබඳව අවධානය යොමුකරමින් ඉදිරි සැලැස්ම ක්‍රියාත්මක කිරීම බව ආර්ථික විශේෂඥයින් පවසයි.

ෆිච් රේටින්ස් ශ්‍රේණිගත කිරීම් පහත හෙළීම මෙරට ආර්ථිකයට කුමන ආකාරයේ බලපෑමක් එල්ල කරයිද යන්න සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය, ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා ඒ බව පැවසීය.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

“සාමාන්‍යයෙන් ශ්‍රේණිගත කිරීම් පහත හෙළීම හෙළාදකිමින් මාධ්‍ය නිවේදන නිකුත් කිරීම මෑතකාලීන ශ්‍රී ලංකාවේ පුරුද්දක් වෙලා තියෙනවා. මහ බැංකුව සහ අනෙකුත් ආයතන මගින්ම නිකුත් කරන දත්ත පදනම් කරගෙන මෙවැනි නිගමනවලට ඇවිත් තියෙන්නේ. මේ අවස්ථාවේ කළයුතු වන්නේ ඒ ණය ශ්‍රේණිගත කිරීම් ආයතන ලබාදෙන ශ්‍රේණිගත කිරීම් ගැන පුළුල් දැක්මකින් යුතුව අර්බුදය විසඳා ගැනීමට අවශ්‍ය වැඩසටහන ඉදිරිපත් කිරීම සහ ක්‍රියාත්මක කිරීමයි.”

ෆිච් රේටින්ස් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පහත දැමීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව අද (18) නිවේදනයක් නිකුත් කළේය.

එම නිවේදනය දැක්වෙන්නේ, ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම පහත දැමීම සඳහා ෆිච් රේටින් ආයතනය ගනු ලැබූ කඩිනම් තීරණයෙන් කොවිඩ් වසංගතය මධ්‍යයේ ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින ධනාත්මක සංවර්ධනයන් හඳුනාගැනීමට ඔවුන් අපොහොසත් වී ඇති බවය.

ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම් පහත හෙළීම සඳහා ෆිච් රේටින් වැනි ජාත්‍යන්තර පිළිගැනීම සහිත ශ්‍රේණිගත කිරීමේ ඒජන්සියක් කටයුතු කළ කඩිනම් ආකාරය අදහාගත නොහැකි බවද මහ බැංකුව පෙන්වා දෙයි.

විශේෂයෙන්ම ශ්‍රී ලංකා ආර්ථිකයේ සියලුම අංශවලට අදාළ සංවර්ධනයන් සහ ලැබීමට නියමිතව ඇති විදේශ විනිමය ගලාඒම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බලධාරීන් විසින් නිරන්තරයෙන්ම ෆිච් රේටින් දැනුවත් කර ඇති පසුබිමක මෙලෙස ක්‍රියාකිරීම පිළිගත නොහැකි බව මහ බැංකුව අවධාරණය කරයි.

එමෙන්ම කොව්ඩ් වසංගතය හේතුවෙන් පසුගිය වසර දෙක තුළ පැවති ඉහළ පීඩනකාරී වාතාවරණය තුළ වුවද ශ්‍රී ලංකාව එකදු ණයක් නැවත ගෙවීමක් ප්‍රමාද කර නොමැති බවද මහ බැංකුව සිය නිවේදනයෙන් පෙන්වා දෙයි.

ෆිච් රේටින් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් ‘CCC’ සිට ‘CC’ දක්වා එක් ශ්‍රේණියකින් තවදුරටත් පහත දැමීමට කටයුතු කර තිබුණි.
එම ආයතනය පවසන්නේ ශ්‍රී ලංකාවට ඉදිරි මාසවලදී ණය පැහැර හැරීමට සිදුවීමේ වැඩි සම්භාවිතාවක් ඇති බවය.

දීර්ඝ නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය පවසන්නේ ඉහළ විදේශ ණය ගෙවීම් සහ සීමිත මූල්‍ය ගලාඒම් හමුවේ ශ්‍රී ලංකාවේ බාහිර ද්‍රවශීලතා තත්ත්වය අයහපත් අතට හැරෙමින් පවතින බවය.

ෆිච් රේටින් පවසන්නේ සිය අවසන් සමාලෝචනයේ දී බලාපොරොත්තු වූවාටත් වඩා වැඩි වේගයකින් ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත පහත වැටී ඇති බවය.

විදේශ විනිමය සංචිත අගෝස්තු මාසයේ සිට ඩොලර් බිලියන 2කින් පමණ අඩු වී ඇති අතර එය නොවැම්බර් අග වනවිට ඩොලර් බිලියන 1.6 ක් දක්වා පහත ගොස් තිබේ.

ෆිච් රේටින් ආයතනය පෙන්වා දෙන්නේ, එම මුදල ප්‍රමාණවත් වන්නේ මාසයකටත් වඩා අඩු කාලයක බාහිර ගෙවීම්වලට පමණක් වන බවය.

2022 සහ 2023 දී නව බාහිර මූල්‍ය ප්‍රභවයන් නොමැති විට ශ්‍රී ලංකා රජයට සිය විදෙස් ණය ගෙවීම් සපුරාලීම දුෂ්කර වනු ඇති බවට විශ්වාස කරන බව ෆිච් රේටින් ආයතනය වැඩි දුරටත් පෙන්වා දෙයි.

2022 වසරේ දී ඩොලර් බිලියන 6.9 ක විදෙස් ණය ප්‍රමාණයක් පියවීමට ශ්‍රී ලංකාවට සිදුව ඇති අතර මෙම නොවැම්බර් මාසය අවසන් වන විට පැවති විදෙස් සංචිතය මෙන් 430% ක ගුණයකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චන්දිමාල් ජයසිංහට වැඩ වරදියි - ජන ක්‍රීඩා වෙනුවට බඩු ක්‍රීඩා පැවැත්තුවේ..ප්‍රසිද්ධියේ සමාව ගන්න
08:55
Video thumbnail
හරිනි ආලෝකට කතා කරද්දි ආලෝකා බලපු හැටි ..සෙනඟ මැදින් හරිනි ගැම්මට යන්නේ
02:46
Video thumbnail
සාගරිකා ශීඝ්‍රගාමි දුම්රිය පීලිපැනීමට හේතුව මෙන්න..සමස්ත දුම්රිය ධාවනයේ ගැටලු තියෙනවා
02:30
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26