ෆාමසියේ සේවයට ගිය තරුණිය දින 5ක් තිස්සේ අතුරුදන් (ඡායාරූප)

තම සේවා ස්ථානයට යාම සඳහා නිවසින් පිටත්ව මීටර 100ක පමණ දුරක් ගමන් කළ 22 හැවිරිදි තරුණියක් දින පහක් තිස්සේ අතුරුදහන්ව ඇතැයි තොරතුරු වාර්තා වනවා.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ ගම්පොළ, ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියක්.

ගම්වාසීන් සහ ගම්පොල පොලිසිය ඇය සොයා අද මහවැලි ගඟේ ඉවුර ඇතුළු කැලෑබද ප්‍රදේශවල මෙහෙයුමක් අරඹා ඇති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

මෙම තරුණිය ගෙලිඔය නගරයේ ඖෂධහලක සේවය කරන බව සොහොයුරා සඳහන් කරනවා.

නිවසේ සිට මීටර 100ක් පමණ ගිය පසු ඇල්පිටිය පල්ලියේ ඇති CCTV කැමරාවල මෙම තරුණියගේ රුව අවසන් වරට සටහන් වී ඇති අතර එම ස්ථානයෙන් එපිට ඇති එවැනි CCTV කැමරාවල හෝ ඇය දුටු අය මෙතෙක් හමු නොවූ බවයි ඥාතීන් පවසන්නේ.

අතුරුදන් තරුණියගේ මව පවසන්නේ සේවය කරන ස්ථානයට යාම සඳහා පසුගිය ඉරිදා නිවසින් පිටත් වූ දියණිය බස් ගාස්තු ලෙස රුපියල් සියයක මුදලක් පමණක් තමාගෙන් ඉල්ලා ගෙන ගිය බවයි.

ඇය තමා හෝ කිසිවෙකු සමග අමනාපයක් නොමැති බව ද මව ප්‍රකාශ කරනවා.

අතුරුදන් තරුණියට තවත් සොහොයුරන් තිදෙනකු සිටින අතර සිද්ධිය වූ දින පියා සහ එක් සොහොයුරෙක් කොළඹ ප්‍රදේශයට ගොස් සිටි බව සඳහන්.

සේවයට යාම සඳහා බස් රථයක් ලබා ගැනීමට ඇයට නිවසේ සිට කිලෝමීටර දෙකක් පමණ පා ගමනින් වැලිගල්ල දක්වා යා යුතු අතර එම ගමන් මාර්ගයේ බොහෝ ස්ථාන පාලුවට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය දින කිහිපය පුරා ඥාති නිවෙස්, මිතුරු මිතුරියන්ගේ නිවාස හා අනෙකුත් ස්ථාන ඥාතීන් ඇතුළු ප්‍රදේශවාසීන් පරීක්ෂාවට ලක් කර ඇතත් ඇය පිළිබඳව මෙතෙක් කිසිදු හෝඩුවාවක් නොවූ බව තරුණියගේ පියා ප්‍රකාශ කළා.

සේවා ස්ථානයේ යතුර ද ඇය සතුව තිබී ඇති අතර ඉරිදා පෙරවරු 11ට පමණ එහි හිමිකරු ඇයගේ නිවසට දුරකථන ඇමතුමක් ලබාදීම හේතුවෙනුයි තරුණිය ෆාමසියට නොගොස් ඇති බව හෙළි වී ඇත්තේ.

ඉන්පසු ඇය සම්බන්ධයෙන් ඥාතීන් සොයා බලා මේ පිළිබඳව ගම්පොල පොලිසිය වෙත දන්වා තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19