ෆාමසියේ සේවයට ගිය තරුණිය දින 5ක් තිස්සේ අතුරුදන් (ඡායාරූප)

තම සේවා ස්ථානයට යාම සඳහා නිවසින් පිටත්ව මීටර 100ක පමණ දුරක් ගමන් කළ 22 හැවිරිදි තරුණියක් දින පහක් තිස්සේ අතුරුදහන්ව ඇතැයි තොරතුරු වාර්තා වනවා.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ ගම්පොළ, ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියක්.

ගම්වාසීන් සහ ගම්පොල පොලිසිය ඇය සොයා අද මහවැලි ගඟේ ඉවුර ඇතුළු කැලෑබද ප්‍රදේශවල මෙහෙයුමක් අරඹා ඇති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

මෙම තරුණිය ගෙලිඔය නගරයේ ඖෂධහලක සේවය කරන බව සොහොයුරා සඳහන් කරනවා.

නිවසේ සිට මීටර 100ක් පමණ ගිය පසු ඇල්පිටිය පල්ලියේ ඇති CCTV කැමරාවල මෙම තරුණියගේ රුව අවසන් වරට සටහන් වී ඇති අතර එම ස්ථානයෙන් එපිට ඇති එවැනි CCTV කැමරාවල හෝ ඇය දුටු අය මෙතෙක් හමු නොවූ බවයි ඥාතීන් පවසන්නේ.

අතුරුදන් තරුණියගේ මව පවසන්නේ සේවය කරන ස්ථානයට යාම සඳහා පසුගිය ඉරිදා නිවසින් පිටත් වූ දියණිය බස් ගාස්තු ලෙස රුපියල් සියයක මුදලක් පමණක් තමාගෙන් ඉල්ලා ගෙන ගිය බවයි.

ඇය තමා හෝ කිසිවෙකු සමග අමනාපයක් නොමැති බව ද මව ප්‍රකාශ කරනවා.

අතුරුදන් තරුණියට තවත් සොහොයුරන් තිදෙනකු සිටින අතර සිද්ධිය වූ දින පියා සහ එක් සොහොයුරෙක් කොළඹ ප්‍රදේශයට ගොස් සිටි බව සඳහන්.

සේවයට යාම සඳහා බස් රථයක් ලබා ගැනීමට ඇයට නිවසේ සිට කිලෝමීටර දෙකක් පමණ පා ගමනින් වැලිගල්ල දක්වා යා යුතු අතර එම ගමන් මාර්ගයේ බොහෝ ස්ථාන පාලුවට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය දින කිහිපය පුරා ඥාති නිවෙස්, මිතුරු මිතුරියන්ගේ නිවාස හා අනෙකුත් ස්ථාන ඥාතීන් ඇතුළු ප්‍රදේශවාසීන් පරීක්ෂාවට ලක් කර ඇතත් ඇය පිළිබඳව මෙතෙක් කිසිදු හෝඩුවාවක් නොවූ බව තරුණියගේ පියා ප්‍රකාශ කළා.

සේවා ස්ථානයේ යතුර ද ඇය සතුව තිබී ඇති අතර ඉරිදා පෙරවරු 11ට පමණ එහි හිමිකරු ඇයගේ නිවසට දුරකථන ඇමතුමක් ලබාදීම හේතුවෙනුයි තරුණිය ෆාමසියට නොගොස් ඇති බව හෙළි වී ඇත්තේ.

ඉන්පසු ඇය සම්බන්ධයෙන් ඥාතීන් සොයා බලා මේ පිළිබඳව ගම්පොල පොලිසිය වෙත දන්වා තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09