spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ෆාතිමාගේ අපරාධකරුවන් වහාම නීතිය හමුවට ගේනවා – ජනපතිගෙන් සහතිකයක්

බණ්ඩාරගම – අටළුගම ප්‍රදේශයේ දී අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක්වූ 09 හැවිරිදි ෆාතිමා ආයිෂාගේ මරණය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය සාතිශය සංවේගය පළකර සිටිනවා.

ජනාධිපතිවරයා සිය නිල ට්විටර් ගිණුමට විශේෂ සටහනක් එක්කරමින් සඳහන් කරන්නේ මෙම සාහසික අපරාධය සිදුකළ අපරාධකරුවන් වහාම නීතිය හමුවට ගෙනැවිත් දැඩි දඬුවම් ලබාදීමටත්, නීතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමටත් පියවර ගන්නා බවයි.

පෙරේදා (27) දහවල් සිට අතුරුදන් ව සිටි ෆාතිමා ආයිෂා දැරියගේ සිරුර ඊයේ (28) පස්වරුවේ වඟුරු බිමක තිබිය දී පොලිසිය විසින් සොයා ගැනුණා.

මෙම දැරියගේ මරණය ඝාතනයක් බවට පොලිසිය සැක පළ කරන අතර ඇය වෙනත් ස්ථානයකදී ඝාතනය කර අදාළ වඟුරු බිමට ගෙනැවිත් දමා ඇති බවටයි පොලිසිය පවසන්නේ.

1 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?