ෆ්ලොරිඩාවෙන් චීන ජාතිකයන්ට තහනමක්

එක්සත් ජනපද ග්‍රීන් කාඩ්පත් නොමැති චීන ජාතිකයින්ට ප්‍රාන්තයේ දේපළ මිල දී ගැනීම සීමා කරන නීතියකට ෆ්ලොරිඩාව අත්සන් කළ බව CNN වාර්තා කරනවා.

එක්සත් ජනපදයේ ජනාධිපතිවරණ වර්ෂයක දී ලෝකයේ විශාලතම ආර්ථිකයන් දෙක අතර උග්‍ර වූ ආතතීන් නව නීතිය මගින් කරලියට ගෙනවිත් තිබෙනවා.

නව නීති ප්‍රාන්තයේ වෙසෙන වාර්ගික චීන ජනතාව අතර නොසන්සුන්තාව සහ ව්‍යාකූලත්වය වර්ධනය කර ඇතැයි CNN වාර්තාවේ සඳහන්.

ඇතැම් පිරිස් පවසන්නේ නීතිය ඔවුන්ගේ ව්‍යාපාරවලට හානි කර ඇති අතර තවත් සමහරු පවසන්නේ ෆ්ලොරිඩාව සම්පූර්ණයෙන්ම අත්හැරීමට සලකා බලන බවයි.

ෆ්ලොරිඩා නව නීතිය අනුව, ග්‍රීන් කාඩ්පත් නොමැති චීන පුරවැසියන් ප්‍රාන්තයේ දේපළ මිල දී ගන්නේ නම් අපරාධ චෝදනාවකට සහ සිරගත වීමට ඉඩ ඇති බවත් වාර්තා වනවා.

CNN වාර්තා කර ඇති පරිදි විකුණුම්කරුවන් සහ දේපළ වෙළඳාම් නියෝජිතයන් ද නීතියට යටත් විය හැකියි.

නමුත් “නිවාස” යන යෙදුම නීත්‍යානුකූල ව සම්පූර්ණයෙන්ම අර්ථ දක්වා නැහැ.

මෙම නීතිය දැනට උසාවියේ දී අභියෝගයට ලක්වෙමින් පවතින නමුත් තවත් ප්‍රාන්ත කිහිපයක් මේ හා සමාන නීති ගෙන ඒමට සලකා බලමින් සිටින බව ද වාර්තා වනවා.

මතභේදාත්මක නීතිය පැමිණෙන්නේ එක්සත් ජනපදය සහ චීනය අතර සබඳතා වඩ වඩාත් ආතති සහගත ලෙස වර්ධනය වී ඇති අවස්ථාවකයි.

පසුගිය වසරේ, මොන්ටානා හරහා චීන නිරීක්ෂණ බැලූනයක් සොයා ගැනීමත් අවසානයේ එක්සත් ජනපදය විසින් වෙඩි තබා බිම හෙළීමත් සමඟ චීන රජය එක්සත් ජනපදයේ ඔත්තු බැලීමේ භීතිය උග්‍ර මට්ටමකට පැමිණියා.

TikTok වැනි චීනයට අයත් යෙදුම් ඔත්තු බැලීම සඳහා භාවිතා කරන බවට චෝදනාවලට අමතර ව, කෘෂිකාර්මික ඉඩම් චීන ජාතිකයන් සහ චීන සමාගම් විසින් මිලට ගැනීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බවට එක්සත් ජනපද නීති සම්පාදකයින් වැඩි වැඩියෙන් අනතුරු අඟවා තිබෙනවා.

එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුව, චීනයට එක්සත් ජනපදයේ කෘෂිකාර්මික සහ කෘෂිකාර්මික නොවන ඉඩම් අක්කර 349,442 ක් හිමි වන අතර එය එක්සත් ජනපදයේ විදේශයන් සතු සියලුම ඉඩම්වලින් සියයට 1කට වඩා මඳක් අඩු ප්‍රමාණයක් නියෝජනය කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යුද හමුදාපති හැමෝටම දුන්න පණිවුඩය - වෙරළ තීරය අපට පමණක් අයිති දෙයක් නෙවෙයි
06:27
Video thumbnail
කාකදූපත පිරිසිදු කරන්න බැස්ස යුද හමුදාපති - යුද හමුදාපතිත් බැහැලම වැඩ
01:42
Video thumbnail
ජනපතිලගේ පුතාලා, නෝනලා, බාප්පලා කිල්ලෝටවල හුණු තියෙනවා - පවුල් පිටින් දැන් හෙළිදරව් වෙනවා
07:37
Video thumbnail
සීට් බෙල්ට් නීතිය ඇත්තටම හොඳයි..ආරක්ෂා සහිතයිනේ - සීට් බෙල්ට් නීතිය ගැන ජනතා අදහස්
00:40
Video thumbnail
සීතාවලිය සීතාඅම්මන් කෝවිලේ විශේෂ පූජාවට ආ ජපාන මහ කොමසාරිස්
02:04
Video thumbnail
කඩුවෙල පිවිසුමේ සීට් බෙල්ට් නීතිය අකුරටම බලයි - සීට් බෙල්ට දාලා නෑනේ..ඔක්කොම දාගන්න
04:49
Video thumbnail
ජනතාවගේ කතිරයේ බලය උල්ලංඝණය කිරීමක් - රටේ තනි පක්ෂ පාලනයකට ඉඩ දෙන්න එපා
10:11
Video thumbnail
ව්‍යාජ ලෙස බීඩි අලෙවි කළ සෙට් එකකට වැඩ වරදියි
00:59
Video thumbnail
වෙළෙඳ නාමයන් අව භාවිතා කර ව්‍යාජ ලෙස බීඩි අලෙවි කළ සෙට් එකකට වැඩ වරදියි
01:05
Video thumbnail
දවස් හතරක් පුරා උතුරේ සිදුවෙන සංවර්ධන වැඩපිළිවෙල ඇමති නලින්ද හෙළිකරයි
02:51